21.6 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ.

රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ.

මෙරට ඉදිකෙරෙන 07වන අධිවේග මාර්ගය වන රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අද (07) දිනයේ ආරම්භ කිරීමට නියමිතය.

රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ කටයුතු එලෙස ආරම්භ කෙරෙනු ඇත.

ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා සම්පූර්ණ දුර කිලෝමීටර  73.9ක් වන අතර පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3ක දුර ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිතය.

දේශීය ඉදිකිරීම් සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන අතර ඒ සඳහා රුපියල් බිලියන 54.7ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

මෙම අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු 2024 වසර වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ මහතා සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments