ත්‍රස්තවාදී හේතු නිසා මියගිය හා ආබාධිත වූ රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන 2021 අප්‍රේල් මස සිටම ලබාදීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
රණවිරුවන්ට සහන සැලසීම සඳහා වූ යෝජනා 07ක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා අප්‍රේල් 27 දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වුණි.