කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී රෝගය පාලනය කිරීම සදහා මෙම කළාපය තුළ ඇති ඇගලුම් කර්මාන්තශාලා 2 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
එසේම මෙම කොරෝනා වෛරසය කටුනායක ප්‍රදේශය පුරා පැතිර යාමට එම ප්‍රදේශයේ ඇති නේවාසිකාගාරවල ඇති සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීමද එක් ප්‍රධාන හේතුවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
මෙම නේවාසිකාගාර තුළ නේවාසිකව 100 ක් 150 ක් පමණ සේවිකාවන් සිටියද, ඔවුන්ට සනීපාරක්ෂක කටයුතු සදහා වැසිකිළි ඇත්තේ 3 ක් හෝ 4 ක් වීම මෙයට නිදසුනක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .
ඊට අමතරව මෙම ප්‍රදේශයේ කම්හල් වල සේවකයින් ස්ථිර සේවය සදහා බදවා නොගෙන, තාවකාලිකව දිනපතා වැටුප් ගෙවමින් ‘මෑන් පවර්’ ක්‍රමයට සේවකයින් සේවය සදහා යොදා ගැනීම ද මෙම වෛරසය මෙම ප්‍රදේශය පුරා පැතිර යාමට හේතු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.