ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට ඇතුළුව තවත් ප්‍රදේශ කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බව කොවිඩ්-19 වයිරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (16) පැවැසීය.
දස දහසකට ආසන්න පිරිසක් මේ වනවිට ත්‍රිවිධ හමුදාවේ ‘කොවිඩි-19’ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින බවත් දිනපතා 150ත් 300ත් අතර පිරිසක් නිරෝධායනය අවසන් කර තමන්ගේ නිවෙස් බලා පිටත්ව යන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.
කොළඹ, කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම කරුණු සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල කඩසාප්පු විවෘත කිරීමට අවසර දුන් බවත් එම අවසරය අද (16) රාත්‍රී 10 න් අවසන් වන බවත් සිල්වා මහතා කීය.