නීතිඥ සහ ප්‍රවීණ සිනමාකරු ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් (Visakesa Chandrasekaram) ගේ නවතම වාර්තා චිත්‍රපටය “32 – Return of the Torturer” චිත්‍රපටය ප්‍රදර්ශනය සහ ඒ පිළිබඳ සිනමා කතිකාව ලබන (27) සවස 5.00ට තරංග සිනමාශාලාවේදී පැවැත්වේ.
විසාකේස මහතා ලැබූ අත්දැකීම් සහ ඔහු කළ පර්යේෂණ මෙම නිර්මාණයට පදනම් වී ඇත. ඔහු University of New South Wales ( UNSW ) හි පර්යේෂකයෙකු ලෙස සිදුකරන ලද පර්යේෂණවල දිගුවක් ලෙස මෙම වාර්තා චිත්‍රපටය හැදින්විය හැක.
සිනමා න්‍යායවාදීන්ට අනුව වාර්තා චිත්‍රපට යනු “සැබෑ ලෝකය නිර්මාණාත්මක ලෙස හැසිරවීම” (Creative treatment of actuality) යි. ලෝක සිනමාවේ ඇලන් රෙස්නේ (Alain Resnais) වැනි අධ්‍යක්ෂවරුන් පෙන්වා දුන් පරිදි, මෙවැනි වාර්තාමය නිර්මාණ මගින්:
- අමතක කර දමන ලද ‘අමිහිරි මතකයන්’ නැවත සමාජ අවධානයට යොමු කරයි.
- නීතිය සහ යුක්තිය ඉටු කිරීමේ පද්ධතිවල ඇති හිඩැස් සාධක සහිතව පෙන්වා දෙයි.
- නිහඬ කර ඇති මිනිස් හඬවල් සඳහා පොදු වේදිකාවක් තනා දෙයි.
”32 – Return of the Torturer” යනු මෙරට නීති පද්ධතිය සහ මානව හිමිකම් පිළිබඳව සාමුහික හෘද සාක්ෂිය අවදි කරන සිනමා කතිකාවකි.




