කොවිඩ්19 වයිරස තත්වය උපයෝගීකරගනිමින් ජනතාව නොමග යැවීම සදහා විවිධ කණ්ඩායම් කොවිඩ්19 වයිරසය ආසාදනය වීමෙන් වැලකි සිටීමට හැකියැයි පැවසෙන විවිධ අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ප්‍රචලිත කරමින් පවතින බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ‘දිනමිණ’වෙත අදහස් දැක්වු එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා කියා සිටියේ
අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වූ අතර කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් වැලකී සිටීම සදහා උණුසුම් ජලය වැනි විවිධ පාන වර්ග පානය කරන ලෙස විවිධ පාර්ශව විසින් නිර්දේශ කර ඇතැයි යනුවෙන් හුවා දැක්වෙන ව්‍යාජ පණිවිඩ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර හුවමාරු වීමේ ඉහල යාමක්ද අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇති බවයි ඒ නිසා මේ සම්බන්ධව පොලිස් මූලස්ථානය වෙත ඔන්ලයින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පැවසීය.
මෙවැනි අසත්‍ය පුවත් හා ජනතාව නොමග යවනසුලු වට්ටෝරු සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට එක් කිරීම 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6 වැනි වගන්තියට අනුව දඩුවම් ලැබියහැකි අපරාධමය වරදක් වන බැවින් මෙවැනි අසත්‍ය පුවත් හුවමාරු වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බලා ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ගත කරන්නන් හට නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමට කටයුතු කරන ලෙස එම සංගමය වැඩිදුරටත් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.