22 C
Sri Lanka
Friday, June 27, 2025
Homeදේශීය පුවත්මානුෂීය සේවා නොනැවති ඉදිරියට ලෝක රතුකුරුස දිනය වෙනුවෙන් පණිවුඩයක්.

මානුෂීය සේවා නොනැවති ඉදිරියට ලෝක රතුකුරුස දිනය වෙනුවෙන් පණිවුඩයක්.

ලෝක රතුකුරුස දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා පීඩාවටපත්ජනතාව වෙනුවෙන් සිදුකරන මානුෂීයසේවාවන් වඩාත් ගුණාත්මකව අඛණ්ඩව කරගෙන යාමට උපරිම දායකත්වයක් ලබාදෙන ලෙස සිය සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටියි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (08) දිනට යෙදෙන ලෝක රතුකුරුස දිනය වෙනුවෙන් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් සිදුකරමින්ය. එහිදි වැඩිදුරටත් මෙසේ කරුණු සඳහන්වේ. මේ වනවිට කොවිඩ් 19 වෙනුවෙන් ශ්‍රී ලංකා රතුකරුස සමාජය සෑම දිස්ත්‍රික්කයකම පාහේ පොදු ස්ථාන විෂබීජ හරණය කිරීම, රත්නපුර, වව්නියාව හා මහනුවර රෝහල්වල කටයුතු කිරීමට පහසුවීම සඳහා තම ස්වෙච්ඡා සේවකයින් ලබාදීම, පී.සි.ආර්. කට්ටල ආණ්ඩුවට ලබාදීම, සේවාවල යෙදි සිටිය අයට ආරක්ෂක ඇඳුම් කට්ටල, මුඛආවරණ ලබාදීම හා ජනතා දැනුවත් කිරීමේ වැඩ සටහන්ද සිදුකළ බව සභාපතිවරයා මෙහිදි සඳහන් කරයි. ශ්‍රී ලංකා රතු කුරුස සමාජය තෝරාගත් සිසුන් 50කට දිවයිනේ දිස්ත්‍රික්ක 25ට බෙදීයනසේ ඔවුන්ගේ අධ්‍යාපනය නිමවනතුරු ලබාදෙන ශිෂ්‍යත්ව පිරිනැමීම හෙට දින එනම් අද(08) වන දින ආරම්භ කිරීමට නියමිතය.ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපතිගේ සංකල්පයක් මත ලබාදෙන මෙම ශිෂ්‍යත්වය දරු දැරියන්ට අඛණ්ඩව සිය අධ්‍යාපනය නිමවන තුරු සෑම මසකම ලබාගැනීමට හිමිකම් ලැබෙනු ඇත.

රතු කුරුස සංවිධානයේ නිර්මාතෘ ජීන් හෙන්රි ඩුනාන්ට් මහතාගේ උපන්දිනය යෙදෙන මැයි 08 දිනය ලෝක රතු කුරුස දිනය ලෙස නම් කර තිබෙන අතර
ලොව පුරා රටවල් 192ක මිලියන 97කට ආසන්න ස්වේච්ඡා සේවක සේවිකාවන්,සාමාජික සාමාජිකාවන් සහ නිලධාරීන් අද වන විට රතු කුරුස මානුෂවාදී මෙහෙවර ශක්තිමත් කිරීමට දායක වෙති.මෙවර ලෝක රතු කුරුස දිනයේ තේමාව ‘නොනැවතී කටයුතු කිරීමයි’.ලොව පුරා ඇතිවන ඕනෑම ව්යුසනයකදී රතු කුරුස සාමාජික සාමාජිකාවන් නොනවත්වා තම මානුෂීය සේවාව ඉටු කරමින් සිටි.අද වන විටත් කොරෝනා ව්‍යසනයෙන් පිඩාවට පත්වන ලෝකවාසී ජනතාව වෙනුවෙන් රතු කුරුස සමාජ තම මානුෂීය කටයුතු නොනවත්වා ඉටු කරනු ලබන්නේ තම පුද්ගලික ජීවිත අවධානම පවා නොතකමිනි.ශ්‍රී ලංකා රතු කුරුස සමාජයද දශක 8කට වඩා තම මානුෂීය සේවාවන් අදවනතෙක් ඉටු කරයි.සුනාමි වැනි ව්‍යසන වලදී හා දැනට පවතින කොරෝනා වසංගතයේදීද ජනතාවට විවිධ අයුරින් තම සේවාවන් අඛණ්ඩව ඉටුකරමින් සිටලෝක රතු කුරුස දිනය සංකේතවත් කරමින් දිවයිනේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ දිස්ත්රිකක් 25ක ඇති ශාඛාවල නොයෙකුත් ක්‍රියාකාරකම් සෞඛ්‍ය නිර්දේශ වලට අනුව සිදු කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments