කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීමේ අංශ හෙට (12) සහ අනිද්දා (13) වසාතැබෙන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් එම තීරණය ගත්බව නිවේදනයක් නිකුත්කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කරයි.
මේ අතර මැයි 17 වනදා සිට ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික්ක කාර්යාලවල “සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ ගෙවීමේ ශාඛාව” පමණක් විවෘතව පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
එහිදී දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණෙන සේවාලාභීන් සඳහා පමණක් සේවා සපයන බව එම නිවේදනයෙන් දැනුම්දී තිබේ.
තවද ප්‍රධාන කාර්යාලයේ හා ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කාර්යාල මගින් සේවක අර්ථ සාධක අරමුදල් පුර්ව ප්‍රතිලාභ ගෙවීම් අංශයේ සේවාවන් ලබාදීම නැවත දැනුම්දෙනතුරු තාවකාලිකය අත්හිටුවන බව එම නිවේදනයේ සඳහන් වේ.