කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් රෝහල් සඳහා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගය පක්ෂය විසින් ආරම්භ කර තිබේ.
පක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් “විපක්ෂයෙන් හුස්මක්” යන නමින් අදාළ වැඩසටහන අද (11) ආරම්භ කෙරුණු බව විපක්ෂ නායක මාධ්‍ය අංශය පැවසුවේය.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද සමගි ජන බලවේගය පක්ෂය විසින් රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති අතර අද දිනයේ සිට එම වැඩපිළිවෙල නව අදියරක් යටතේ ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.