Home දේශීය පුවත් නැවත දැනුම් දෙන තුරු දුම්රියේ පාර්සල් ප්‍රවහනය නවති.

නැවත දැනුම් දෙන තුරු දුම්රියේ පාර්සල් ප්‍රවහනය නවති.

0

හෙට දිනයේ සිට සියලුම දුරගමන් සේවා දුම්රියන් අවලංගු කර ඇති අතර දුම්රිය මගින් පාර්සල් බෙදාහැරීමේ කටයුතුද නැවත දැනුම්දෙනතෙක් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව අද සිට නැවත දැනුම්දෙන තුරු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම සිදුවනන්නේ නැහැ. කෙසේ වෙතත් මේ වන තෙක් දුම්රියෙන් ප්‍රවාහනය කළ පාර්සල් අදාල දුම්රිය ස්ථාන වලින් ලබාගත හැකියි.

අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් ප්‍රාදේශිය මට්ටමින් දුම්රිය ගමන්වාර කිහිපයක් සහ ඉන්ධන ප්‍රවාහන දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වී එස් පොල්වත්තගේ මහතා කියා සිටියා.

පළාත් අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් පළාත් අතර ධාවනය වන දුම්රිය ගමන් වාර ද අවලංගු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here