22.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්සේවයට කැඳවා ඇති රාජ්‍ය සේවකයින්ට පළාත් අතර ගමන් කිරීමේදි අවසර ලිපියක් අනිවාර්යවේ.

සේවයට කැඳවා ඇති රාජ්‍ය සේවකයින්ට පළාත් අතර ගමන් කිරීමේදි අවසර ලිපියක් අනිවාර්යවේ.

සේවයට කැඳවා ඇති රාජ්‍ය සේවකයින් පළාත් අතර ගමන් කිරිමේදී අදාළ ආයතන ප්‍රධානියා විසින් සේවයට කැඳවීමට අදාළ ව ලබාදුන් ලිපියක් ඉදිරිපත් කිරිම අනිවාර්ය කර තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් මෙය ක්‍රමවේදය ක්‍රියාත්මක බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් J.J රත්නසිරි මහතා පවසනවා.

මතුව තිබෙන කොවිඩ් අවදානම තුළ වුව රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව කාර්යාල කටයුතු පවත්වාගෙන යාම සදහා අත්‍යවශ්‍යම අවම කාර්ය මණ්ඩලය පමණක් සේවයට කැඳවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනිමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments