26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්නිරෝධායන ගැසට්ටුව නිකුත් කෙරේ

නිරෝධායන ගැසට්ටුව නිකුත් කෙරේ

කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළයුතු නීති ඇතුළත් ගැසට් පත්‍රය මීට සුළු මොහොතකට පෙර නිතුත්කර තිබේ.

එහි සඳහන් නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ යුතුය.

අදාළ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද අත්සන් තබා තිබුණි.

එම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩකරන පුද්ගලයින් හට රුපියල් 10,000කට  නොවැඩි දඩයකුත්, මාස 06ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.

ඊට අමතරව ව්‍යාපාරීක හා සේවා ස්ථානවලට ඇතුළුවීම හා සේවා ස්ථාන පවත්වාගෙන යාම පිළිබඳව එම ගැසට් පත්‍රය මගින් කරුණු කිහිපයක් පෙන්වා දෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments