21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්නිරෝධායනයට යන්න බෑ කියා හමුදාවට බල්ලා උසිගන්වලා

නිරෝධායනයට යන්න බෑ කියා හමුදාවට බල්ලා උසිගන්වලා

කටුනායක ප්‍රදේශයේ කාන්තාවක් පෙරේදා (14 වැනිදා) සවස නිරෝධායනය වීම සඳහා යාමට සූදානම් වන ලෙසට තමන්ට දැනුම් දීමට ආ හමුදා භට පිරිසකට නිවසේ සුනඛයා ලිහා උසිගන්වා අනතුරක් කිරීමට උත්සාහ කර තිබේ.

කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට විශේෂිත ඇඳුම්වලින් සැරසී මෙම සෙබළ පිරිස් නිවෙස්වලට ගොස් නිරෝධායනය සඳහා යෑමට සූදානම් වන්නැයි නිවෙස් හිමියන්ට පණිවුඩ ලබාදෙන අතරේ මෙම සිද්ධිය වී තිබේ.

තමාට නිරෝධායනයට යාමට නොහැකි බව කියමින් මෙම කාන්තාව නිවසේ බැඳ සිටි සුනඛයා ලිහා දමා ඇත. එහිදී සුනකයා සපාකෑමට පැනීම නිසා හමුදා සෙබළා නිවස වටේ වට දෙකක් දිව ඇතත් කාන්තාව මැදිහත් නොවූ නිසා නිවසේ මිදුලේ වූ පොල්ලකින් ගසා බල්ලාගෙන් බේරී පැනවිත් ඇත.

ඉන්පසුව යුද හමුදා නිලධාරීන් එහි ගොස් මෙම කාන්තාව නිරෝධායනයට රැගෙන ගොස් තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments