22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කිරිඳිවැල මාළු වෙළෙන්දෙකුටත් කොවිඩ්

කිරිඳිවැල මාළු වෙළෙන්දෙකුටත් කොවිඩ්

කිරිඳිවැල කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදනය වී තිබේ. 

දොම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ බණ්ඩාරනායක මහතා පවසන්නේ, මාළු වෙළෙන්දාගේ ආශ්‍රිතයන් 80 කට ආසන්න පිරිසක්  නිරෝධායනයට යොමු කළ බවය.

එම මාළුවෙළෙන්දා කුට්ටිගල, රඳාවාන, මැද්දේගම්‍, බෝගහකුඹුර, කිරිඳිවැල සහ පැපිල්වෙල යන ප්‍රදේශවලට ද වෙළෙඳාම් කටයුතු සඳහා ගොස් තිබේ. 

මේ අතර නිරෝධායන නීති උල්ළංඝණය කරමින් මාලිගාවත්තේ පැවැත් වූ අරාබි පාසලක ගුරුවරුන් දෙදෙනෙකු හා එහි සිසුන් 28 දෙනෙකු එම ස්ථානයේදීම නිරෝධායනය කර තිබේ.

පොලීසිය පැවසුවේ නිරෝධායන නීති කඩකළ එහි විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ බවය.

මේ අතර ජංගම කොවිඩ් පරීක්ෂණ රථයකින් මොරටුව ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී කාන්තාවකට වෛරසය ආසාදනය වී අතැයි අද හඳුනාගෙන තිබේ. 

මොරටුව එගොඩඋයන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ, ඇය පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වී ඇති බවය. 

ඒ අනුව, ඇගේ ආශ්‍රිතයන් 150 කගේ පී.සී.ආර්. පරීක්ෂණ මොරටුමුල්ල ශුද්ධ වූ පාවුළුතුමන්ගේ දේවස්ථානයේදී අද සිදුකෙරුණි.

මේ අතර කොළඹ 10 , හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ලේ දකුණු අන්තයේ 19 වැනි මහළේ සේවය කළ බැංකු නිලධාරියෙකුට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ. 

හැටන් නැෂනල් බැංකුව නිවේදනය කළේ, එම ආසාදිතයා සමඟ සේවය කළ පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ළඟම ආශ්‍රිතයින්ට කඩිනමින් PCR පරික්ෂණ සිදුකරන බවය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments