“වැඩිපුරම බැනුම් අහන්නේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්” -ආචාර්ය සුරතිස්ස
නගරයේත් ගමේත් සංවර්ධන ක්රි යාවලියේ දී ප්රවධාන කාර්යභාර්යක් පැවරෙන්නේ පළාත් පාලන ආයතනවලටයි.තාක්ෂණික දැනුම,නිතිමය හා පරිපාලනමය කටයුතු වගේම යටිතල පහසුකම් සපයන්නෙත් අපි .හැබැයි කියන්න කණගාටුයි.වැඩිපුරම බැනුම් අහන්නේ, දෝෂ දර්ශනයට ලක්වන්නේ, චෝදනාවන්ට ලක්වන්නේත්,පළාත් පාලන අයතන ප්‍රධානින්මයි, යැයි පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්ය ක්ෂ ආචාර්ය සුරතිස්ස දිසානායක මහතා පැවසීය.
නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතනවල ප්රිධානින්ගේ වැඩ සටහනක් කුකුලේ ගඟ ලයා ලෙෂර් හිදී මෙම මස 22-24 දිනයන්හිදි පැවැති අවස්ථාවේ දී විධායක අධ්ය ක්ෂවරයා එසේ පැවසීය.
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්යා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත සෑම පළාතකම පළාත් පාලන නියෝජිතයින්, ප්‍රධානින්, නිලධාරි,ගෙන්වා එම ආයතනයන්හි ප්‍රගති සමාලෝචන හා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරිම හා ඊට විසදුම් ලබා දීම අරමුණින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.
මිට පෙර උතුරු මැද පළාත,ඌව පළාත,හා උතුරු පළාත නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානින්,නිලධාරින් හා මහජන නියෝජිතයින් සඳහා මෙම වැඩ සටහන ක්‍රියාත්මක විය. මෙම වැඩ සටහන එහි සිව්වැන්නයි.
රටේ පුංචි ආණ්ඩුව නියෝජනය කරන ඔබ ඔබත්, ආයතනය, කාර්ය මණ්ඩලය, මහජන නියෝජිතයින් සේම විශාල කාර්ය භාර්යක්,වගකීමක්,වගවීමක්,දුප්පත් ජනතාව වෙනුවෙන් ඉටු කරනවා.රාජ්‍ය අමාත්‍ය ඒ වගකීම ඔබ නිවැරදිව ඉටු කරාවි යැයි,බලාපොරොත්තු වෙනවා.ජනතාව ආදරය කරන දේශපාලඥයෙක්,දේශපාලනයක් අද රටට අවශයයි.එය ගොඩ නැගීමේ පුරෝගාමීන් ඔබයි.ඔබයි ජනතාවයි සමග දිනපතාම ගැටෙමින් කටයුතු කරන්නේ.ඔබයි ඔවුන් වෙනුවෙන් පිහිට විය යුත්තේ යැයි ආචාර්ය සුරතිස්ස දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.
එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ සහයෝගිත්වයෙන් යුරෝපා සංගමයේ මූල්යායධාර යටතේ මෙම වැඩමුළු මෙහෙයවනු ලබන අතර නැගෙනහිර පලාත නියෝජනය කරමින් පළාත් පාලන ආයතන නියෝජිතයින් 50දෙනෙකු පමන මෙම වැඩමුළුවට සහභාගී වූහ.


