21.3 C
Sri Lanka
Tuesday, May 13, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්පොහොර දෙන්නෙ නැත්නම් පොහොර ගේන්න චක්‍රලේඛ ගැහුවෙ ඇයි? විපක්ෂ නායක ආණ්ඩුවෙන් විමසයි.

පොහොර දෙන්නෙ නැත්නම් පොහොර ගේන්න චක්‍රලේඛ ගැහුවෙ ඇයි? විපක්ෂ නායක ආණ්ඩුවෙන් විමසයි.

රසායනික පොහොර ලබා දෙන්නට බැරි බවට විෂය භාර අමාත්‍යවරයා මේ වන විට ප්‍රකාශ කොට ඇති බවත්,එය එසේනම් රසායනික පොහොර ගෙනෙන බවට චක්‍රලේඛයක් නිකුත් කළේ ඇයි දැයි කියා ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙවැනි චක්‍රලේඛ නිකුත් කරමින් ආණ්ඩුව නැවත වතාවක් ගොවි ජනතාව රවටා ඇති බවත් ඒ මහතා පැවසීය.

විසිහතර පැයේම ආණ්ඩුව ගොවියාව රවට්ටන බවත් අතේ පුපුරන දියර පොහොර කෑන් ගොවි ජනතාවට ලබාදී ඇති බවත් ඒ මහතා පැවසීය. මෙවැනි බරපතළ විනාසයක් ගොවිතැනට සහ ගොවි ජනතාවට කරන්නේ ඇයි දැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, අසූචි පොහොර නැවට වන්දි ගෙවන්නට ඇති උනන්දුව වත් මේ මොහොතේ අසරණ කොට දමා ඇති ගොවි ජනතාවට වන්දි ලෙස ගෙවන්නට උවමනාවක්වත් ඒ ආණ්ඩුව නැතැයිද ඒ මහතා පැවසීය. උත්සව සමය එළඹෙන මොහොතේ ජනතාව සහමුලින්ම අන්ත අසරණ වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුවේ සියලුම සහන පැකේජ හිමිවන්නේ මැතිඇමතිවරුන්ට සහ ගජ මිතුරන්ට පමණක් පමණක් බවද පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව ප්‍රකාශ කළේ (19) තිස්සමහාරාම, කාසින්ගම ප්‍රදේශයේ පැවති ගොවි ගැටලු විමසන හමුවට එක්වෙමිනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments