21.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය, වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය, වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය

දෛනික වැටලීම් වලදී ශ්‍රී ලංකා

ගුවන් හමුදාව ලබාදුන්

තොරතුරකට අනුව කතරගම

කඳවුරේ නිලධාරි පිරිසක් එම

පොලිස් වසමේ ලුණුගම් වෙහෙර

ජාතික වනෝද්‍යායේ වෙහෙරගල

මහ ඇල ආශ්‍රිත ප්‍රදේශයේදී වියළි

ගංජා බෝර අවියක් සහ නීති

විරෝධි ලෙස වගා කර තිබු ගංජා

හේන් දෙකක් පුද්ගලයින් දෙදනකු

සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඒමෙන්ම රත්ගම කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් හික්කඩුව පොලිස්

වසමේ දෙගල්ල, දොංදූව (රත්ගම

කලපුව) අසලදි නීති විරෝධි

මත්පැන් පෙරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම

කඳවුරේ වැලිපන්න පොලිස් වසමේ

රුක්කත්තනතුඩුව ප්‍රදේශයේදී නීති

විරෝධි මත්පැන් ළඟ තබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන

තිබේ. මාන්කූලම් කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් එම පොලිස් වසමේ

ආලන්කුලම් ප්‍රදේශයේදී බලපත්‍ර

කොන්දේසී උල්ලංඝණය කරමින්

වැලිපටවමින් සිටි අයකු එම භාණ්ඩ

සමග අත්අඩංගුවට ගෙන ඇත.

මහඔය කඳවුරේ නිලධාරි පිරිසක්

එම පොලිස් වසමේ කෝන්වින්න

ප්‍රදේශයේදී බලපත්‍ර නැතිව

ස්ථානයකින් මහඔයෙහි පත්‍ර

කැණීම් කර යකඩ බාල්දි

ආධාරයෙන් ෆයිබර් බෝට්ටුවකට

වැලි පටවිමින් සිටි හයදෙනකු සහ

ට්‍රැක්ටර් රථයට වැලි පටවමින් සිටි

දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කඳවුරේ නිලධාරි පිරිසක්

එම පොලිස් වසමේ දොඹගහවත්ත,

මාවැල්ල, නාකුළුගමුව ස්ථානයේදී

නීතිවිරෝධි ලෙම මෙරට නිෂ්පාදිත

ටි56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි

ටි කටස් වර්ගයේ තුවක්කුවක් ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර

කඳවුරේ නිලධාරි පිරිසක් බෙරැල්ල

පොලිස් වසමේ එම බන්ධනාගාර

සංකීර්ණයේ කාන්තා බන්ධනාගාර

දොරටුව ආසන්නයේ සනීපාරක්ෂක

තුවයක සඟවාගෙන නීති විරෝධි

ලෙස බන්ධනාගාරය තුලට තහනම්

භාණ්ඩ රැගෙනයෑමට තැත්කළ

සැකකරියක් අත්අඩංගුවට ගෙන

තිබේ. පරයනාලන්කුලම් කඳවුරේ

නිලධාරි කණ්ඩායමක් විසින් එම

පොලිස් වසමේ පෙරියතම්පනේ

ප්‍රදේශයේදි ඉකුත් යුධ සමහේ

එල්.ටි.ටි.ඊ. සංවිධානය සඟවා

තබන්නට ඇතැයි සැකකරන

මෝටාර් උණ්ඩ දෙකක්

අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන කඳවුරේ නිලධාරි

පිරිසක් කඳාන පොලිස් වසමේ

උතුරු බටගොඩ, ජාඇල ස්ථානයේ

නීති විරෝධි මත්පැන් ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. එම කඳවුරේම තවත්

නිලධාරි පිරිසක් පෑලියගොඩ

පොලිස් වසමේ දුටුගැමුණු මාවත

ප්‍රදේශයේ හෙරොයින් ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන තිබේ. යුධහමුදා බුද්ධිඅංශ

නිලධාරීන්ගෙන් ලැබුණු

තොරතුරකට අනුව විශේෂ කාර්ය

බලකාය ආරුගම්බේ කඳවුරේ

නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස්

වසමේ සර්වෝදය පුරම් පුදුවැලි

ප්‍රදේශයේ අනවසරයෙන් එම

ප්‍රදේශයේ රක්ෂිතය තුලට ඇතුළුවි

කැලෑ එළිපෙහෙලි කරමින් සිටි

තිදෙනකු අත්අඩංගුවට ගෙන

තිබේ.ගෝනහේන නිලධාරි

කණ්ඩායමක් මට්ටක්කුලිය පොලිස්

වසමේ කදිරාන වත්ත , කොළඹ

15 ස්ථානයේදි අයිස් මත්ද්‍රව්‍ය ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත. කලවංචිකුඩි කඳවුරේ

පිරිසක් වාලච්චේන පොලිස් වසමේ

හරස්පාර ,බිරන්දන්ච්චේන

ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය

ප්‍රවාහනනය කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල

කඳවුරේ නිලධාරි කණ්ඩායමක්

වීරකැටිය පොලිස් වසමේ හීන්ආර

7කණුව ස්ථානයේ කේරළ ගංජා

ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුවට

ගෙන ඇත. වාකරේ කඳවුරේ

නිලධාරි පිරිසක් එම පොලිස්

වසමේ කට්ටමුරු ප්‍රදේශයේදි නීති

විරෝධි මත්පැන් ළඟ තබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන

තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments