පොල් කර්මාන්තයේ හෙට දවස බලවත් අවදානමක.විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්න රැසක්.
විවිධ රජයයන් යටතේ පොල් වගාව සහ නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසඳීම වෙනුවෙන් වෙනමම අමාත්‍යාංශ, පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය පිහිටුවා තිබුණ ද, පොල් කර්මාන්තය ආශ්‍රිත ගැටළු සඳහා සාර්ථක විසඳුම් ලබා දීමට මෙතෙක් සමත් වී නොමැති බවත්,අද වනවිට පොල් කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 27/2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායක මේ බව අවධාරණය කළේය.