20.3 C
Sri Lanka
Thursday, January 1, 2026
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා – ඉරාන සිනමා සබඳතා නව මංපෙතකට

ශ්‍රී ලංකා – ඉරාන සිනමා සබඳතා නව මංපෙතකට

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා, ඉරාන ඉස්ලාමීය ජනරජයේ දූත මණ්ඩලයේ සංස්කෘතික උපදේශක අලි කෙබ්රියාඊ සාදෙහ් මහතා (Mr. Ali Kebriaei Zadeh) සමඟ ඊයේ (දෙසැම්බර් 29) පෙරවරුවේ කොළඹ පිහිටි ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේදී නිල සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම සාකච්ඡාව, සභාපතිතුමා විසින් ඉරානයේ ශිරාස් නගරයේ පැවැත්වුණු 43 වන “ෆජ්ර්” අන්තර්ජාතික සිනමා උළෙල (43rd Fajr International Film Festival – FIFF) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිදු කළ නිල සංචාරයකට අනතුරුව පැවැත්වුණු පසුසම්බන්ධීකරණ සාකච්ඡාවක් විය.

මෙහි ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාව හා ඉරානය අතර ද්විපාර්ශ්වික සිනමා සහ සංස්කෘතික සහයෝගිතාව වඩාත් ශක්තිමත් කිරීමයි.

සාකච්ඡාවේදී පහත කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි:

  • ඔස්කාර් නාමයෝජනා ලබා ඇති ඉරාන චිත්‍රපට ශ්‍රී ලංකාවේ වාණිජමය ලෙස ප්‍රදර්ශනය කිරීම
  • යෝජිත කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල සඳහා අරමුදල් සහ චිත්‍රපට පැකේජ ලබා ගැනීම සම්බන්ධයෙන් සහයෝගිතාව
  • ජාතික චිත්‍රපට සංස්ථා සිනමා පාසල සඳහා තාක්ෂණික හා අධ්‍යාපනික සහය ලබා ගැනීම
  • දෙරට අතර ඒකාබද්ධ සිනමා නිෂ්පාදන (Co-productions) සඳහා ඇති හැකියාවන් ගවේෂණය කිරීම

මෙම සාකච්ඡාවට ඉරාන ඉස්ලාමීය ජනරජයේ දූත මණ්ඩලයේ සම්බන්ධීකරණය හා පරිවර්තන කටයුතු භාරව සිටින අලිරෙසා ශාහිනී මහතා (Mr. Alireza Shahini) ද සහභාගී විය.

මෙම හමුව, ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සිනමා හා සංස්කෘතික සබඳතා නව මංපෙත් වෙත රැගෙන යාම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments