Homeදේශපාලන පුවත්මුදල් ලේකම් ඉවත් කිරීම ජනාධිපතිවරයාට නිර්දේශ ‍නොකරන්නේ ඇයි?

මුදල් ලේකම් ඉවත් කිරීම ජනාධිපතිවරයාට නිර්දේශ ‍නොකරන්නේ ඇයි?

පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව උත්තර සොයා ගත ප්‍රශ්න 16 ක්

භාණ්ඩාගාර මංකොල්ලය අප විසින් අනාවරණය කර අද වන විට පුරා දින 7 ක් ගතවී ඇත. මුදල් බලතල සහිත පාර්ලිමේන්තුව වෙත මේ දක්වා මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිදු වගකිවයුතු පාර්ශවයක් විසින් කරුණු පැහැදිලි කිරීමකි සිදු කර නැත. 

මෙමගින් පාර්ලිමේන්තුව සතු මුදල් බලය නොතකා හැර ඇති අතර ‍මුදල් ලේකම්වරයා විසින් එය පැහැදිලි ලෙස අවතක්සේරුවකට ලක්කර ඇත.

පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස ගරු හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමන් රාජ්‍ය නිලධාරීන්ගේ වෙත ප්‍රශ්න යොමු කරනු ලබන්නේ

1.      රජය ප්‍රකාශ  කරන පරිදි මෙය හැකර් ප්‍රහාරයකට ලඝු කිරීමේ පදනම මත ද?

2.      නැතිනම්, මෙය භාණ්ඩාගාරයේ/මහ බැංකුවේ  අභ්‍යන්තර තොරතුරු කාන්දුවීම/පිටපත ලබාදී තිබේ ද? යන ස්ථාවරයන්ගෙන් කුමන පදනමකින් දැයි ප්‍රකාශයට පත් කළ යුතු බව අපගේ විශ්වාසයයි.

අද දින පාර්ලිමේනන්තුවේ මුදල් කමිටුව විසින් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාගත යුතු බව ‘ෆී ලෝයර්ස්’ සංවිධානය දැඩිව විශ්වාස කරයි.

1.      ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අද දින රැස්වීම සඳහා සහභාගි නොවන්නේ ඇයි?  ඔහු විදේශගතවීමට හේතුව කුමක් ද?

2.      හැකර්  සහ ස්කෑම් පිළිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන නමුත්, මහා භාණ්ඩාගාරය කොල්ලකා ඇති අවස්ථාවක මහ බැංකු අධිපතිවරයා හෝ මහ බැංකුවේ මාධ්‍ය අංශය ඒ පිළිබඳ ජනමාධ්‍යවේදීන්ගේ කිසිදු ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම මගහැර සිටින්නේ ඇයි?   

3.      මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට අවස්ථා ගණනාවක දී කැඳවා ඇති නමුත් ඔහු සහ නිලධාරීන් එම අවස්ථාවන්ට සහභාගිවී නැත.  අද දින ද, හර්ෂණ සුරියප්පෙරුම මහතා මුදල් කමිටුවට නොපැමිණෙන්නේ නම්  ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කටයුතු කිරීමට මුදල් කමිටුව පියවර ගන්නේ ද? එසේ නොවන්නේ නම් ඒ ඇයි?

4.      2024 අංක 33 දරණ ණය කළමනාකරණ පනත පූර්ණ වශයෙන් මේ වන විට මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරමින් තිබේ ද? එසේ නොකිරීමට හේතුව කුමක් ද?

5.      ඉහත පනතේ 8 වන වගන්තිය අනුව  ‘ණය සේවාකරණ කමිටුව’ පිහිටුවා තිබේ ද? නොඑසේ නම් ඒ ඇයි?

6.      පනතේ වගන්ති ප්‍රකාරව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව  සම්බන්ධයෙන් කටයුතු කර තිබේ ද? නොඑසේ නම් ඒ මන්ද?

7.      විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මෙම ණය ගෙවීම සම්බන්ධයෙන් සිදු කරමින් සිටි කාර්ය භාරය කුමක් ද? එය මුදල් කලමනාකරණ පනතේ විධි විධාන අතික්‍රමණය කිරීමක් ද?  

8.      පනතේ විධි විධාන ප්‍රකාරව ‘රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තු‍වේ කාර්ය සම්බන්ධයේ ගරු මුදල් අමාත්‍යවරයාගේ ව්‍යවස්ථාපිත වගකීම  ඉටු කරමින් ‘රීති’ සකස් කර ඒවා නිසි පරිදි පාර්ලිමේන්තුව මගින් බලාත්මක කර තිබේ ද?

9.      රාජ්‍ය ණය කලමනාකරණ දෙපාර්තමේන්තුවේ වගකීමක්වන ‘රාජ්‍ය ණය සටහන් කිරීම සහ වාර්තා කිරීම’ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද? මේ වන විට ‘ලබාගත් ණය සහ ගෙවනු ලැබූ ණය, වාරික සහ පොලිය ප්‍රසිද්ධ කරමින් වෙබ් අඩවියක් පවත්වාගෙන නොයන්නේ ඇයි?

10.  2024 දී සම්මත කරන ලද පනත බලාත්මක කර ක්‍රියාත්මක කිරීම සඳහා මේ දක්වා මුදල් අමාත්‍යාංශය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ ද? මේ දක්වා අතපසු කර ඇති වගකීම් මොනවාද?

11.  පනතේ ‘විදේශ සම්පත් දෙපාර්තමේන්තුව’ සම්බන්ධයෙන් වන ප්‍රතිපාදනයන් පූර්ණ වශයෙන් ක්‍රියාත්ම කර තිබේ ද? එසේ නොවේ නම් ඒ මන්ද?

12.  ඉහත සියළු කරුණු ආශ්‍රිතව මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය කළමනාකරණ පනත මගින් ඔවුන් වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම උල්ලංඝනය කර තිබේ.  ඒ සම්බන්ධයෙන් ‘මුදල් කමිටුව’ ගනු ලබන පියවර මොනවාද?

13.  ශ්‍රී ලංකා මහ බැංකුව සහ භාණ්ඩාගාරය කිසිදු වරදක් සිදු නොවිය හැකි සර්වතෝභද්‍ර ආයතන ලෙස සලකා තවදුරටත් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව කටයුතු කරන්නේ ද?

14.  රාජ්‍ය ණය කලමනාකරණ පනත 8 වන වගන්තිය ප්‍රකාරව අදාළ කමිටුව පිහිටුවා නොමැති පුද්ගලයින් සම්බන්ධයෙන් ද, පනතේ රීති සකස් නොකිරීම සම්බන්ධයෙන් ද වගකීම් පැහැර හැර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් මුදල් කමිටුව පියවර ගන්නේ ද?

15. මේ වන විට 148 ව්‍යවස්ථාව අනුව මුදල් බලය පැවරී ඇති පාර්ලිමේන්තුම මග හැරීම, කරුණු වසන් කිරීම, සාක්ෂි විනාශ කිරීම, අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම වැනි චෝදනා රැසක් එල්ල වී ඇති මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම තාවකාලිකව හෝ එම ධූරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඔහුගේ පත්වීම් බලධරයා වන අතිගරු ජනාධිපතිතුමන්  වෙත නිර්දේශ කරන්නේ ද? එසේ නොවන්නේ නම් ඒ ඇයි?   

මාධ්‍ය විමසීම් සඳහා  රජිත් කීර්ති තෙන්නකෝන් 0777791225 අමතන්න

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

නීතිඥ අතුල ද සිල්වා

රජිත් කීර්ති තෙන්නකෝන්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments