Homeව්‍යාපාරික පුවත්විදේශ රැකියා උපදේශන සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ Liberté Foreign Recruitment Consulting...

විදේශ රැකියා උපදේශන සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ Liberté Foreign Recruitment Consulting and Travels (Pvt) Ltd ආයතනයේ නවතම ප්‍රධාන මූලස්ථානය විවෘත කෙරේ…..

විදේශ රැකියා උපදේශන සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Liberté Foreign Recruitment Consulting and Travels (Pvt) Ltd ආයතනයේ නවතම ප්‍රධාන මූලස්ථානය විවෘත කිරීමේ මහෝත්සවය ඊයේ (14) පැවැත්විණි.

ඕමල්පේ සෝභිත හිමියන්ගේ ආශීර්වාදය මැද මෙම ආයතනයේ වැඩකටයුතු ආරම්භ කෙරිණි.

විදේශ රැකියා අපේක්ෂිතයින්ට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මෙම නව මූලස්ථානය ස්ථාපනය කර ඇති අතර, ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා යන ගමනේ නව පරිච්ඡේදයක් මෙලෙස ඇරඹෙන බව එම ආයතනය පවසයි.

කොට්ටාව, හයිලෙවල් පාරේ, අංක 144/7 දරන ස්ථානයේ (සිංහගිරි ආයතනය අසල) පිහිටි නව ගොඩනැගිල්ලේ තෙවන මහලේදී මෙහි කටයුතු සිදු කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද කීහ.

අද දවසේ ආයතනය ආරම්භ කිරීමේදී ටූස් ජෝසප් මහත්මා ඒ වගේම ඉනෝකා ගමගේ මහත්මිය ඇතුළු පිරිසේ කැපවීමෙන් මෙම ව්‍යාපාරය ආරම්භ කළා.
අපි අද දවසේ මේ කාර්යට සම්බන්ධ වෙන්නේ පොදු වෙළඳ ව්‍යාපාරයක් හැටියට නෙවෙයි. මෙය මා දකිනවා අපි දකිනවා පොදු වෙළඳ ව්‍යාපාරයක් හැටියට නෙවෙයි. මේ යුගයට අත්‍යවශ්‍ය මහාජනසේවාක් ඇටියටයි. විදේශ රැකියා ක්ෂේත්‍රය තරම් දූෂණයට පත්වෙච්ච වෙන ක්ෂේත්‍රයක් නැති තරම්. අහිංසක මිනිස්සු මේ රටේ ජීවත් වීම පිළිබඳ ගැටලුව වැඩි වෙන්න වැඩි වෙන්න මේ රටේ ජීවන අරගල ජීවන අරගලය දැඩි වෙන්න දැඩිවෙන්න මිනිස්සු බලනවා පිට රටකට හරි ගිහිල්ලා රැකියාවක් කරලා ජීවත් වෙන්න.
තමන්ගේ ගේදොර සකස් කරගන්න දූ දරුවෝ හදාගන්න, දූ දරුවන්ට උදව් කරන්න, උගන්න දෙමාපියෝ, කාන්තාවන්, පිරිමින්, මේ දොගෙල්ල බලාපොරොත්තු වෙනවා. පිට රටකට ගිහිල්ලා යමක් උපයක් ගන්න. ඇත්ත වශයෙන්ම ඒකෙන් කියන්නේ මේ රටේ ජීවත් වීමේ අරගලය උසුලන්න බැහැ කියන එකයි. මේ රටේ ජීවත් වීමේ අරගලය දැඩි වෙන්න දැඩිවෙන මිනිස්සු යොමු වෙන්නෙත් පිට රටවල යන්නයි.
තමන්ගේ ශක්තිය උපයෝගී කරගෙන අවංකව වැඩක් කරලා සේවයක් කරලා යමක් උපයාගන්න මිනිස්සු බලාපොරොත්තු වෙනවා. මේ අවශ්‍යතාව නිසා හුඟාක් ජනතාව හොරුන්ට වංචනිකයන්ට අහුවෙනවා. ඇඹිලිපිටිය වගේ ඈත ගම්මාන ප්‍රදේශවල දිනපතාම අපි මේ වගේ සිද්ධීන් අහන්න සිදු වෙනවා. හොරු වංචනිකයෝ අර අහිංසක මිනිස්සු රවට්ටලා ඒ මිනිස්සුන්ගෙන් විවිධ ආකාරයේ මුදල් අරගෙන අතුරුදන් වෙනවා. කිසි කෙනෙක් හොයන්න බලන්න කෙනෙක් නැහැ.
මේ නිසා ජනතාවට වගකියන විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙ ලියාපදිංචිය තිබෙන මෙම ආයතනය ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරවි කියා මා විශ්වාසකරනවා.

RELATED ARTICLES

1 COMMENT

  1. අපි දන්න හොද විශ්වාසයක් ඇති ආයතනයක් ..අපේ මල්ලි ගියෙත් ඔතේනින් එම නිසා ඉයලත් යන්න සිහින සැබැ කර ගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments