Homeදේශීය පුවත්ජාතික ඩෙංගු මර්දන මෙහෙයුමට නාවික හමුදාවේ පූර්ණ සහාය

ජාතික ඩෙංගු මර්දන මෙහෙයුමට නාවික හමුදාවේ පූර්ණ සහාය

ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” යන තේමාව යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව ක්‍රියාත්මක කරන ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දෙනු ලබයි. ඒ අනුව, 2026 ජූලි මස 13 වන දින නව (09) වන දිනටත් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරමින් සෞඛ්‍යාරක්‍ෂිත පරිසරයක් ගොඩනැගීමට දායක විය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් පනස් නව දෙනෙකු (59) මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දක්වන ලදි. ඒ අනුව කෝට්ටේ, රාගම, කැළණි සහ ගම්පහ යන ප්‍රදේශයන්හි ස්ථාන එක්දහස් එකසිය පනස් අටක් (1,158) පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන දහ නවයක් (19) සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදි.

 මෙම ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, පරිසරය විධිමත්ව පරීක්‍ෂා කර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරීම හා පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනෙකුත් විධානයන් ද නාවික කඳවුරු ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත කලාප බවට පත්කර ගැනීමේ අරමුණින් අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.   

.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments