පළාත් සභා අයිතිය එදා දිනාගත්තේ රටම ගිනිගොඩක්වී තිබෙන අවස්ථාවක බව අද බොහෝ දෙනාට අමතකයි- හිටපු ඇමැති රාජිත සේනාරත්න
මෙහිදි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ….පළාත් සභා අපේ රටේ දේශපාලන සංධිස්ථානයක්. බලය බෙදාහැරිම සඳහා ක්‍රියා කළ අවස්ථාවක් මේ අවස්ථාව උදාකර ගත්තේ මහා ගිනි ජාලාවක් මගින් බව අද පරපුර දන්නේ නෑ.
මේකට උතුරේ හා දකුණේ ත්‍රස්තවාදීන් විරුද්ධවුණා. උතුරේ අය කිව්වා අපිට ඕනේ අපිට අවශ්‍ය ෆෙඩ්රල් ක්‍රමයට එහා ගිය විසඳුමක් දකුණේ ත්‍රස්තවාදීන් කිව්වා මේක රට බෙදෙන වැඩක් කියලා. 1983දි ඇරඹුණු වාර්ගික කෝලහාලවලින් පසු 1987දී තමයි ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ. එදා එම ගිවිසුම අත්සන් කරන්න පැමිණි ඉන්දියාවේ අගමැති රජිව් ගාන්ධිට ලංකාවේදි පහර දුන්නා එවැනි තත්ත්වයක් තමයි එදා පැවතුණේ. එවැනි අරාජික තත්ත්වයක් තිබුණේ.
මේ පළාත් සභා ක්‍රමය ස්ථාපිතවීම නිසා එදා උතුරේ ක්‍රියාත්මකවු ත්‍රස්තවාදි කණ්ඩායම් තිස් දෙකෙන් තිස් එකක් ප්‍රජාතන්ත්‍රවාදය වැළැඳගෙන අපට රට බෙදන්න අවශ්‍ය නෑ බලය බෙදාන්න කියලා අදහස් ඇති කරගත්තා.
එදා ජේ.ආර්.ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් සිදුවු මෙම ක්‍රියාවලියට අපි වමේ දේශපාලනයට සහයදීමට එක පයින් හිටගත්තා. ජෙ.වි.ප.ය රටටම ගිනි තිබ්බා. පළාබාබා එපා කියලා පාසැල් සිසුන් පවා එළියට ඇද දැම්මා. පළාත් සභාවකින් පළාත් සභාවකට යන්න වීසා බලපත්‍රයක් ඕනේ කිව්වා. මේ ක්‍රමය ස්ථාපිත කිරීමේදි ජනතා විමුක්ති පෙරමුණ ඝාතන හයදාහස් හයසිය හැට එකක් ඝාතන සිදුකළා. එක්සත් ජාතික පක්ෂයේ විතරක් එක්දහස් හත්සිය අසුතුනක් මැරුවා. ලංකාවේ තිබුණු විශාලම දේශපාලන පක්ෂයේ එතරම් ප්‍රමාණයක් ඝාතනය වෙලා තමයි මේ ප්‍රමාණය ඉතිරිවෙලා තිබෙන්නේ. මේ සියලුම දත්ත අරගෙන තිබෙන්නේ ධර්මන් වික්‍රමරත්නගේ පොතෙන්. එදා ජවිපෙට සහයදුන් ඔහු තමයි මේ පොත ලියා තිබෙන්නේ. රජයේ සේවකයින් හාරසිය අසුපහක් මැරුවා. පොලිස් නිලධාරින් තුන්සිය පනස්හතක් මැරුවා. හමුදා නිලධාරින් පහළොවක් හා සෙබළුන් දෙසිය දෙකක් මැරුවා. පොලිසියේ හා හමුදා පවුල්වල අනු දෙකක් හැ හැත්තෑවක් මැරුවා.සරසවි හා පාසැල් සිසුන් එකසිය අසුහතක් මැරුවා. විදුහල්පතිවරු පනස් දෙකයි. භික්ෂූන් වහන්සේලා හතළිස් එකක් මැරුවා. වැල්ලේතොට පඤ්ඤාදිස්සි හාමුදුරුවො උතුම් පැවිදි පණ්ඬිත හාමුදුරුවො කෙනෙක් ඝාතනය කෙරුවා. කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමියෝ වැනි රටේ සිටි හොඳ ශ්‍රේෂ්ඨ ධර්මදේශකයින් වහන්සේ කෙනෙක්ව ඝාතනය කළා. එදා කළුතර සිටි ගෝතරමුල්ලේ පේමාලෝක නාහිමියෝව ඝාතනය කළා උන්වහන්සේ තම දන් වේල දුප්පත් ගෙවල්වලට ගොස් බෙදපු හිමිනමක්.ඒ ස්වාමීන්වහන්සේ ඇතුළු හතළිස් හතක් හිමිවරු ඝාතනය කළා. වෘත්තීය සමිති නායකයින් විසිහතක්ඝාතනය කළා. එහිදි මැයිදිනය ජයග්‍රහණය දිනාගන්න උරදුන් අයෙක් ලෙස සැලකෙන එල්.ඩබ්ලිව්. පණ්ඬිත වැනි අයත් ඝාතනය වුණා. මාධ්‍ය වේදීන් හා කලාකරුවන් නව දෙනකු ඝාතනය කළා. විජය කුමාරතුංග,සාගරිකා ගෝමස් හා ප්‍රේමකිරීතිද අල්විස් වැයි කලාකරුවන් ඒ අතර සිටියා. නීතිඥයෝ හත්දෙනයි. එදා සිටි ප්‍රවීන මාධ්‍යවේදීයකු වගේම සුභ සහ යස නාට්‍ය නිර්මාණය කළ සයිමන් නවගත්තේගමට එව් මරණ තර්ජන ලිපිය එතුමා ඇත්ත පත්තරේ කර්තෘ ලෙසත් කටයුතු කළා. ඒ ලිපිය එවා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමි අංශයේ දඬුවම් දීමේ ශාඛාවෙනි. එවැනි ශාඛාත් තිබිලා තියෙනවා. අද සියලු දෙනාටම මේවා අමතක වෙලා තිබෙනවා. මෙහිදි ඝාතනය කළාට පසු ඒවයේ අවසන් කටයුතු කරන ආකාරයද ලිපියකින් දැනුම් දෙනවා දේශද්‍රෝහින්ගේ මරණය දණහිසින් උඩට උස්සන්න බෑ, හේවිසි ගහන්න, පාන්ස කූල දෙන්න බෑ කියලා එවැනි තර්ජනාත්මක නියෝග දුන්නා. තව විසදෙනකුට වඩා සහභාගිවිම තහනම්ද කර තිබුණා. දළදා මාළිගාවට එල්ටිටිඊයට කලින් වෙඩිතිබ්බේ ජවිපෙ එකයි. 1989 පෙබරවාරි (08)වෙනිදා. හමුදා කඳවුරු පොලිස් තිස්හතරකට පහරදුන්නා. බිම්බෝම්බ දෙසීයකට වලලා තිබුණා. රාජ්‍ය දේපොල විනාශ කළා බැංකු හැට දෙකක් මංකොල්ල කෑවා. දේපොල මංකොල්ල දහසකට වැඩියි,ශ්‍රී ලංගම ගිනිතිබ්බ බස්වල වටිනාකම මිලියන දෙසිය අසුවයි.දුම්රියවල අලාභය මිලියන දෙසිය හතළයයි, රජයේ ගොඩනැගිලි හා වාහන මිලියන නවසිය ගණනක්, විදුලිය හා විදුලි ට්‍රාන්ස්පෝමර් මිලිය හරසිය පනහයි.තේ කර්මාන්තශාලාවල අලාභය මිලියන හතළියයි.කෘෂිකර්මාන්ත මධ්‍යස්ථාන මිලියන දෙසීයයි,පතල්වලට මිලියන හයසීයයි,දේපොළ හා පරිපාලය ආයතන මිලියන එකසිය හැටයි.සේවා ආයතන මිලියන පනහයි මේවා තිබෙන්නේ ලයනල් කොමරේට් කියන පොතේ ලයනල් කියන කෙනා ඝාතන හතළිස් එකක් කළා එහිදි විජය කුමාරතුංග මහචාර්ය ස්ටැන්ලි විජයසුන්දර ඇතුළු හතළිස් එකක්. මෙම පුද්ගලයා අවසානයේදී අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට ලබාදුන් කට උත්තරේ තිබෙන්නේ මේ සියලු ඝාතනය හා මංකොල්ලකෑම් කළේ මාගේ පෞද්ගලික අවශ්‍යතාවලට නොවේ මාගේ සංවිධානයෙන් ලබාදුන් අණ අනුවයි. මාගේ සංවිධානයේ නායකයා රෝහණ විජේවීරයි. මාගේ සංවිධානය ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයයි.
මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා මෙහයවීමෙන් පැවැති මෙම මාධ්‍ය හමුවට විපක්ෂයේ දේශපාල රැසක නායකයින් අදහස් දැක්වූහ.
සටහන-අනුර ප්‍රේමලාල්
ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු



