25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsගංජාහේනක්, ‌ගිණිඅවි හා බන්ධනාගාරයට හෙරොයින් ගෙන යන්න උත්සහ කළ අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

ගංජාහේනක්, ‌ගිණිඅවි හා බන්ධනාගාරයට හෙරොයින් ගෙන යන්න උත්සහ කළ අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

කහකුරුල්ලන්පැළැස්සේ තිබූ ගංජා හේනක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ඇත.

විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බුත්තල කඳවුරේ උප පොලිස් පරීක්ෂක එම්.සි.එස්. විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) උදෑසන නීති විරෝධී ලෙස අක්කර ¼ ක භූමි ප්‍ර‍මාණයක වගා කර තිබු අඩි 03 ක් පමණ වු උස ගංජා ගස් 10,000 සහිත හේනක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගස් 10 ක් සාම්පල් වශයෙන් මුද්‍රා තබා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

මෙරට නිෂ්පාදිත වෙඩ්බෙහෙත් කොටන තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි මුතුර් ප්‍රදේශයේ පුද්ගලයෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කන්තලේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒන්.ඒ.පි. මංගල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) මෙරට නිෂ්පාදිත වෙඩ්බෙහෙත් කොටන තුවක්කුවක් සන්කතයේ තබාගෙන සිටි වයස අවුරුදු 42 ක මුතුර් හී පදිංච් පුද්ගලයකු දෙහිවත්ත, කරකේ වෙල්යාය අසල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ආ රැඳවියෙකුද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර කඳවුරේ රාජකාරී සිදු කරනු ලබන උප පොලිස් පරීක්ෂක කේ.ආර්.එන්.එස්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඬලය පරීක්‍ෂා කරන ස්ථානයේ දී රැඳවියෙකු විසින් ඉතා රහසිගත ලෙස යට කලිසමේ වාටියේ සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන යාමට තැත්කළ හෙරොයින් මිලි ග්‍රෑම් 300 ක් සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජේලර් එස්.ඩබ්.බී.එන්. බණ්ඩාර නිලධාරියා වෙත භාර දී ඇත. මෙම රැඳවියා වයස අවුරුදු 43 ක කිරුලපන ප්‍රදේශයේ පුද්ගලයෙකි.

මෙරට නිෂ්පාදිත වෙඩ්බෙහෙත් කොටන තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කහකුරුල්ලන්පැළැස්සේ දී පොලිස් විශේෂකාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක එම්.සි.එස්. විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16)උදෑසන මෙරට නිෂ්පාදිත වෙඩ්බෙහෙත් කොටන තුවක්කුවක් සන්කතයේ තබාගෙන සිටි වයස අවුරුදු 58 ක ජූලම්පිටියේ පදිංච් පුද්ගලයකු කහකුරුල්ලන්පැළැස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments