22.9 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්YOO-Brand පාවහන් යුගලයක අලෙවි ආදායමින් රු.10ක් මහපොළ අරමුදලට

YOO-Brand පාවහන් යුගලයක අලෙවි ආදායමින් රු.10ක් මහපොළ අරමුදලට

දේශීය යෙදවුම් ගුණාත්මකව භාවිතා කිරීමෙන් නිෂ්පාදිත YOO-Brand පාවහන් යුගලයක අලෙවි ආදායමින් රු.10ක් මහපොළ අරමුදලට බැර කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හෝමාගම පිහිටි දේශීය පාවහන් නිෂ්පාදනාගාරයක් වන Yoo-brand කර්මාන්තශාලාව හා එහි නිෂ්පාදන කටයුතු ඇරඹීමේ අවස්ථාවේදී සිය අදහස් දක්වමිනි.

ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලබා මේ ආකාරයේ නිෂ්පාදනයන් සිදු කිරීම තුළ ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ “Made in Sri Lanka”සන්නාමය රැඳවීමට සිය දායකත්වය සපයන රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ නිෂ්පාදනකරුවන් සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය විසින් සිය උපරිම දායකත්වය හා මඟපෙන්වීම ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම පසුගිය යහපාලන රජයෙන් අසීමිත ලෙස සිදු කරන ලද ආනයනය හේතුවෙන් දේශීය කර්මාන්තයන් බිඳ වැටීමට ලක් වුවද වර්තමානයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් කර්මාන්ත අමාත්‍යාංශයත් වෙළෙඳ අමාත්‍යාංශයත් ඒකාබද්ධව දේශීය නිෂ්පාදනකරුවන් සඳහා කර්මාන්ත දියුණුවට සහ වෙළෙඳපොල සකසා ගැනීම සඳහා අවස්ථා සලසන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී Yoo-brand පාවහන් පාසල් සිසුන්ට 30%ක මිළ අඩු කිරීමක් යටතේ සතොස ආයතනය හරහා අලෙවි කිරීමටත්, අලෙවි වන සෑම පාවහන් යුගලයකින්ම රු. 10/=ක මුදලක් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට බැර කිරීමට ද කටයුතු යොදා ඇති බව අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන ලදී.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ දේශීය කර්මාන්තකරුවන් විසින් මෙතෙක් නොතිබූ විශ්වාසයෙන් හා ශක්තිමත් හැඟීමෙන් යුක්තව තම නිෂ්පාදන කටයුතු සිදු කිරීමටත් ඒවා ප්‍රවර්ධනය තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොල ජයගැනීමටත් අවතීර්ණ වීම අගය කළ යුතු බවයි. එමෙන්ම වසංගත තත්වය හමුවේ දුර්මුඛ නොවීමත්, එමඟින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට නව කර්මාන්ත ආරම්භ කරමින් දේශීය අනන්‍යතාවය ලොවට ගෙන යාමට කටයුතු කිරීම තුළ දේශීය කර්මාන්තකරුවන්ට සැකසී ඇති ගෝලීය වෙළෙඳපොල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදී. ඈත අතීතයේ පටන් සමස්ත ලෝකයම අභිබවා ගිය ශ්‍රී ලාංකේය නිෂ්පාදන සංස්කෘතිය පිළිබඳව සිහිපත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ස්වෝත්සාහයෙන්, ස්වදේශිකව හා ස්වඅභිමානයෙන් යුක්තව කටයුතු කිරීමට වර්තමානයේදී ශ්‍රී ලාංකිකයන්ගේ මානසිකත්වය නිර්මාණය වීම පිළිබඳවද රටක් වශයෙන් අගය කළ යුතු බවයි.

RELATED ARTICLES

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments