රුසෙයික් ෆාරූක්
ටවර් නාට්‍ය හා රංගකලා පාසලෙහි දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංග කලා උසස් ඩිප්ලෝමා අධ්‍යයන වර්ෂ 2021/2022 සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය 2022.08.01 දින මරදාන ටවර් රඟහලේ දී පැවැත්විණි.
නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව සාර්ථකව නිම කරනු ලබන සිසුන් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ ද්විතීයික හා තෘතියික අධ්‍යාපන අධ්‍යායනාංශය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධි පාඨමාලාවේ අවසන් වර්ෂ 02 (SLQF) – 5 හා (SLQF) – 6 සඳහා යොමු කෙරේ.
පාඨමාලා කාලය වසර 02ක් වන අතර මෙම පාඨමාලාව ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවෙහි (SLQF) 03 වන හා 04 වන මට්ටම ආවරණය කරනු ලබන අතර, (SLQF) 04 වන මට්ටමට අදාළව නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව පිරිනැමේ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාණපතිරණ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා ගෞරව උපාධි වැඩසටහන් සම්බන්ධීකාරක ප්‍රසාද් වීරසිංහ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, සිසුහු මව්පියවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.






නැවත මෙවර උසස් පෙල සිසුන් බදවාගැනීම් පිලිබද ගැසට් පත්‍රයක් නිකුත් කර නැද්ද
2021 A/L කරන්න හිටපු කොරෝනා නිසා (2022) A/L කරපු results පිට වුනු අලුත් කට්ටියව බදව ගන්නේ කවදද?? Apply කරන්නේ කොහොමද??