රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වනවාසලදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පො.ප. ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) පෑලියගොඩ පොලිස් වසමේ වත්තල, වනවාසල පාර, ජයන්ති විහාරය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී සංචරණ සීමා උල්ලංගණය කරමින් ජාවාරම් කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
මෙහිදි පුද්ගලයකු සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි, ග්‍රෑම් හයසයි හැටහයක්, ජංගම දුරකතනයක්, යතුරුපැදියක්(WP BDW 0295)අත්අඩංගුවට ගෙන තිබේ.
good v