23.2 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්වනාන්තර සහ පුරාවිද්‍යා බිම් අක්කර ලක්ෂ දොළහක් අනතුරට

වනාන්තර සහ පුරාවිද්‍යා බිම් අක්කර ලක්ෂ දොළහක් අනතුරට

5/2001 චක්‍ර ලේඛය අහෝසි කරමින් 1/2020 නිකුත් වු චක්‍රලේඛය මගින් වනාන්තර සහ පුරාවිද්‍යා බිම් අක්කර ලක්ෂ දොළහක් අනතුරට පත්වී ඇති බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව එම නිවේදනයේ කරුණු වැඩිදුරටත් මෙසේ දැක්වේ. 2001.08.10  වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිකුත් කරන ලද 5/2001 චක්‍රලේඛය මගින් පුරාවිද්‍යා බිම්  සහ වනාන්තර අක්කර ලක්ෂ ගණනක් අද වෙනතෙක් නෛතිකව ආරක්ෂාවි පැවැතිණි.

1998 සිදුකරන ලද අධ්‍යනයන් සහ හඳුනාගැනීම් වල ප්‍රතිඵලයක් වශයෙන්  බිහිවු  මෙම චක්‍රලේඛය හරහා ආරක්ෂාවු පුරාවිද්‍යාබිම් සහ වනාන්තර අතර සිරිපාදේ එරන්ත ගිලිමලේ අක්කර 64,000ක්, බිබිල නිල්ගල  අක්කර 100,000ක්,අනුරාධපුර ආනවිලුවන්දාව අක්කර 50,000ක්,නුවරඑළිය කිකිලියාමාන අක්කර 10,000,ක් සහ උතුරු නැඟෙනහිර පුරා විද්‍යාත්මක භූමි තවත් විශාල ප්‍රමාණයක් ද පවතී. 

එදා විනාශ කරමින් පැවැති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය නොකෙරුණු වනාන්තර පද්ධති ආරක්ෂා කිරීම ඉලක්කයවු  මෙම 5/2001 චක්‍රලේඛය හරහා අහෝසි කරමින්  එම පුරා විද්‍යාබිම් සහ වනාන්තර දේශපාකයෙකුගේ හෝ නිලධාරියෙකුගේ එක පෑන් පහරින් විනාශවීමට ඉඩ ඇති තැනට පමුණුවා තිබේ. 

ඒ අනුව මින් ඉදිරියට  දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ නිදේශයක් ලබාගත යුතු නැත. , වන සංරක්ෂකගේ නිදේශය එකතු කළ යුතු නැත, ව්‍යාපෘති යෝජනාව අන්තර් අමාත්‍යාංශ කමිටුවකට ඉදිරිපත්කර අනුමැතිය ලබාගත යුතු නැත, පුරා විද්‍යා වටිනාකම් ගැන සළකා බැලීමක් හෝ නැත. 

උද්ගතවී ඇති වාතාවරණය තුල අවස්ථාවාදීන්ගේ වුවමනවා සඳහා  රටේ වනාන්තර පද්ධතියන් පුරාවිද්‍යා රක්ෂිත විනාශවීම, මූලධර්මවාදීන්ට සහ බෙදුම්වාදීන්ට අවශ්‍ය වන පරදි මෙරට පුරා විද්‍යාත්මක සාක්ෂි, ස්ථාන සහ මූලාශ්‍ර විනාශ කිරීමට අවස්ථාව සලසාදීම, එම්.සි.සි.න්‍යාය පත්‍රයේ අවශ්‍යතාවක් වන ඉඩම් වක්‍රාකාරයෙන් නිදහස් කිරීම යන ක්‍රමවේදයන් තුනකට අනුව මේ රටේ පුරාවිද්‍යාබිම් සහ වනාන්තර විනාශවීමට නියමිතව තිබේ. 

මෙහිදි 01/2020 චක්‍රලේඛයේ 4.1 යටතේ ව්‍යතිරේඛ හඳුන්වාදී තිබුණද ඒ ව්‍යතිරේඛවලට ගැලපෙන පරිදි ප්‍රවේසම්  වීමේ  යාන්ත්‍රණයක්  සකස් කර නොමැත. අනතුරට මුහුණදීම සඳහා ක්‍රමවේදයක් සකස් කර නොමැත. එහෙයින් කළ යුතු කාර්යයන් දෙකක් තිබේ. මෙම චක්‍රලේඛයේ 4.1 යටතට ගැනෙන ප්‍රදේශ පළමුව සුදුසු ක්‍රමවේදයට අනුව හඳුනාගැනිම සහ එම 4.1ට ගැනෙන ප්‍රදේශයක් නිදහස් කිරීමට ආසන්න අවස්ථාවක හෝ නිදහස් කරන අවස්ථාවක හෝ නිදහස් කළ අවස්ථාවක හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ නොහැකි, එම පැමිණිලි විභාග කළ හැකි , එම තීරණ තාවකාලිකව අත්හිටුවිය හැකි සහ එම තීරණ ආපසු හැරවිය හැකි. ශක්තිමත් නියාමන ආයතනයක් හඳුනාගැනීම වශයෙනි. 

එතෙක් මෙම 1/2020 ක්‍රියාත්මක කිරීම අත්හිටුවා අවලංගු කළ යුතුයි.දැනට ප්‍රමාද නොවි පැවැති ක්‍රමවේදය තුල සංවර්ධනය සඳහා භාවිතයට සුදුසු සහ අවශ්‍ය භූමි තෝරා නිර්ණය කළ යුතුය. ඒ අනුව පරිසරයත් අපේ උරුමයත් ආරක්ෂා කරමින් තිරසාර සංවර්ධනයකට පියමැනිය යුතුය. 

 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments