26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන...

අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් සීරුවෙන්

‍‍‍දවයිනට බලපා ඇති  අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් අද උදෑසන (2022 අගෝස්තු 02) වන විට සූදානමින් තබා ඇත.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත, අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ගංවතුර තත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා බටහිර නාවික විධානය මඟින් සහන කණ්ඩායම් 27ක් ද දකුණු නාවික විධානය මඟින් සහන කණ්ඩායම් 08 ක් සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 13 ක්  මෙලෙස සුදානමින් තබා ඇත.

හදිසි ගංවතුර තත්වයකදී සහන සැලසීම සඳහා බටහිර නාවික විධානය මඟින් රත්නපුර නව නගරයේ සහන කණ්ඩායම් 02 ක් ස්ථාන ගත කර ඇති අතර, 2022 අගෝස්තු 01 දින සන්ද්‍යාවේදි බටහිර නාවික විධානය මඟින් තවත් සහන කණ්ඩායමක් (01) රත්නපුර මුවගම ප්‍රදේශය වෙත යොමු කරන ලදි.

තවද, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පරිදි ස්ථානගත කිරිම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මෙලෙස නාවික හමුදාව විසින් සූදානමින් තබා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments