27.9 C
Sri Lanka
Saturday, August 9, 2025
Homeදේශීය පුවත්කොවිඩ් වැළඳුන මව රෝහලෙන් රැගෙන ගිය ආසාදිත දරුවා සොයාගනී

කොවිඩ් වැළඳුන මව රෝහලෙන් රැගෙන ගිය ආසාදිත දරුවා සොයාගනී

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මව සමග පළාගිය පුත්‍රයා අද (20) උදෑසන ඇහැලියගොඩ ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ.

ඊයේ රාත්‍රී 9.10 ට පමණ අදාළ මව සිය පුත්‍රයා ද සමග පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මව 25 වන වියෙහි පසුවන අතර පුත්‍රයාට වයස අවුරුදු 02 ක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි.

අදාළ මව ඊයේ රාත්‍රීයේම පුත්‍රයා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාති නිවසකට භාර දී එම ස්ථානයෙන්ද පළාගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව පුත්‍රයා පොලිස් භාරයට ගෙන තිබේ.

මේ වන විට සෞඛ්‍ය නිලධාරී කාර්යාලය හරහා පුත්‍රයා යළිත් අයි.ඩී.එච් රෝහල වෙත භාරදීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව පොලීසිය පැවසීය.

එම කාන්තාව මහාපරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බව ද පොලීසිය සඳහන් කළේය.

පළාගිය කාන්තාව සොයා මේ වන විට පොලීසිය විසින් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments