27.3 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්police newsමහා පරිමාණයේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමක් පෑලියගොඩදි පොලිසිය අල්ලයි.

මහා පරිමාණයේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමක් පෑලියගොඩදි පොලිසිය අල්ලයි.

පෑලියගොඩ මීගමුව මාර්ගයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල ප්‍රදේශයේ දී පෑලියගොඩ පොලිස් වසමේ (28) එම පොලිස් ස්ථානයේ රාත්‍රි ජංගම සංචාරයේ යෙදි සිටි නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදුකර කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ එකක්, ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 24ග්‍රෑම් 500ක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08ක් ජීප් රථයක් හා ත්‍රිරෝදයක් සැකකරුවන් තිදෙනකු සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙත් සැකකරුවන් වයස අවුරුදු 33,34,හා 49 වල පසුවන වත්තල,නාත්තන්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන්වේ. පොලිස් නිලධාරින් මෙම ප්‍රදේශයට යන අවස්ථාවේදී සැක කටයුතු ලෙස නවතා තිබු ජීප් රථයක් හා ත්‍රීරෝද රථයක් යම් භාණ්ඩ පැටවීමක් සිදුකරන බවට නිරීක්ෂණය වී ඇත. පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදි පුද්ගලයිල් තිදෙනකු සිට ඇති අතර ජීප් රථය හා ත්‍රීරෝධ රථය තුල කාඩ්බෝඩ් පෙට්ටි තුනක් හා ගමන්මලු හතරක් තිබි ඇත. එම පෙට්ටි හා බෑග් මලු පරීක්ෂා කිරීමේදි ඒවා තුල තිබි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

මෙම සැකකරුවන් පලායෑම සඳහා වැටලීම් සිදුකර ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් නන්දලාල් ඇතුළු නිලධාරීන්ට රුපියල් ලක්ෂ තිහක අල්ලසක් ලබාදීමට තැත්තර ඇත. එය ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් එයත් නඩුභාණ්ඩයක් ලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ මේ සම්බන්ධ තවත් සත්‍ය තොරතුරු ඇත්නම් 119, 118 හා 1997 යන දුරකතන අංකවලට ලබාදෙන ලෙසයි. සංවිධානාත්මක අපරාධ මැඩලීම් පොලිසිය මේවනවිට වැඩි කර තිබෙන අතර මෙහි වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන අංශය පෑලියගොජ පොලිසිය එක්ව සිදුකරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments