23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsවාලම්පූරී හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

වාලම්පූරී හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මිල අධික වාලම්පුරි 02 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනී

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

එම කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කල්මුණ කඳවුරේ දෙවන කදවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.එම්.පී.පී.එම්. ඩයස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) මඩකලපුව පොලිස් වසමේ අංක 18, රෝහල පාර, මඩකලපුව ලිපිනයේ පිහිටි නිවස තුල දී වැටලීමක් සිදුකර මෙතෙක් මිලකර නොමැති වාලම්පුරි 02 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 37 හා 69 වියේ පසුවන මඩකලපුව සහ චීන වරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ්ගේ දිවයිනේ ලියාපදිංචි අපරාධ කරුවෙකු වන ප්‍රධාන ගෝලයා කේරළ ගංජා සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) නවගමුව පොලිස් වසමේ නුගගහවත්ත පාර, අඹසෙවන කෑම කඩේ අසල දී වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ 12 යි ග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් කල විමර්ශණ වලදී මොහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වී සිටි, දැනට මියගොස් සිටින මාකඳුරේ මධූෂ් නැමති පුද්ගලයා සමඟ ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කරන ලද අයකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මොහු දිවයිනේ ලියාපදිංචි අපරාධ කරුවකු බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

රුපියල් කෝටි 06 කට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මිල අධික වාලම්පුරියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්.එන්. ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම යටතේ ප්‍රදේශීය අනදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි ඩබි,සී ඒ .එස් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ කදවුර අනදෙන නිළධාරි පොලිස් පරීක්ෂක ජී.යු.සමරසිංහ ගෙ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක යූ.එස්. උදය කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) හැටන් පොලිස් වසමේ ගිණිගත්හේන පාර, හැටන් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර
රුපියල් කෝටි 06 කට අලෙවි කිරීම සඳහා සූදානමි කර තිබූ මිල අධික වාලම්පුරියක් (ට්‍රයිටන්) සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 36, 41 පසුවන හැටන් සහ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හැටන් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

බලපත්‍ර නොමැතිව භූගත ලෝහ සෙවුම් යන්ත්‍රයක් සමඟ සුසාන භූමියකට ඇතුළු වු පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මඩකලපුව ප්‍රාදේශිය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරී ඩී.සී. වෑවිටවිතාන මහතාගේ මගපෙන්වීමෙන් විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.එස්.එන්. සෝමතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) වාලච්චේන පොලිස් කරුවාකේණි ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර බලපත්‍රයක් නොමැතිව යම් නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් සිදුකිරීමේ අදහසින් යම් අන්තරාදායක ක්‍රියාවක් හෝ වරදක් සිදුකල හැකි පොළව අභ්‍යන්තරයේ ඇති ලෝහ ද්‍රව්‍ය හදුනාගත හැකි නිධන් සෙවීම සදහාද භාවිතා කරන ස්කෑන් යන්ත්‍රයක්, මෝටර් රථයක් සමග අනවසරයෙන් සුසාන භුමියකට ඇතුළු වු කැලණිය, අබෝගම සහ මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31, 44, සහ 45 වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ජාවාරම් කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ව්ශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) කඩවත පොලිස් වසමේ රන්මුතුගල, ඉහළ බියන්විල, කඩවත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36, මිලි ග්‍රෑම් 880 ක් හා ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 320,000.00 ක්, විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථන 02 ක් සමඟ මොරටුව සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 හා 40 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments