26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsහොර රහසේ වගා කළ ගංජාහෙන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

හොර රහසේ වගා කළ ගංජාහෙන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

රහසිගතව වගා කර තිබු ගංජා හේනක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ් අනුනව එම කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‌කේ.එන්.එන්. ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරි ඩබ්.සී.එස්. සිල්වා මහතාගේ මගපෙන්වීම මත දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ජී.ඒ.බී. ලලින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) කොස්ලන්ද පොලිස් වසමේ වෙලන්විට රක්ෂිතයේ, අඹකොළආර, ගල්වාඩිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර රහසිගතව ඉතාම සුක්ෂමව පවත්වා ගෙන ගිය අක්කර ½ ක පමණ භුමි ප්‍රමාණයක වගා කර තිබු අඩි 04 ක් පමණ උස ගංජා ගස් 24,450 ක් සහිත ගංජා හේනක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන ගංජා ගස් 10 ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇත.

කොස්ලන්ද වෙලන්වි⁣ට රක්ෂිතයේ රහසිගතව වගා කර තිබු ගංජා හේනක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙනන තිබේ.

විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මහනුවර කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‌කේ.එන්.එන්. ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරි ඩබ්.සී.එස්. සිල්වා මහතාගේ මගපෙන්වීම මත දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ජී.ඒ.බී. ලලින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) කොස්ලන්ද පොලිස් වසමේ වෙලන්විට රක්ෂිතයේ, අඹකොළආර, ගල්වාඩිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර රක්ෂිතයේ රහසිගතව ඉතාම සුක්ෂමව පවත්වා ගෙන ගිය අක්කර ½ ක පමණ භුමි ප්‍රමාණයක වගා කර තිබු අඩි 04 ක් පමණ උස ගංජා ගස් 24,450 ක් සහිත ගංජා හේනක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන ගංජා ගස් 10 ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇත.

ස්වාභාවික පරිසරයට හානි සිදු කරමින් අනවසරයෙන් පතල් කැණීම් කරම්න් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.වී. දිසානායක මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි අයි.එස්.ටී. පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ උප පොලිස් පරීක්ෂක එම්.ඒ.පී. නිශාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් නිවිතිගල පොලිස් වසමේ යක්දෙහිවත්ත, වාඩිගල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකරස්වාභාවික පරිසරයට හානි සිදුකරමින් බලපත්‍ර නොමැතිව දිගු කලෙක පටන් පතල් කැණීම් කරමින් සිටි රත්නපුර සහ කැබැල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 සහ 40 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු පතල් කැණීම් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නිවිතිගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments