ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ඉකුත්(07) සිට (24) දක්වා සිංහල හා දෙමල අලුත් අවුරුදු උත්සව කාල සීමාව තුල සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ විශේෂ නියෝග හා උපදෙස් මත දිවයින පුරා සාර්ථක සුරාබදු අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ වැටලීම් 1915 ක් සිදු කර පුද්ගලයන් 1915ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම්/ ග්‍රහණයන් දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන 57ක් හා සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශ 05ක් මගින් මෙන්ම සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදුකරන ලද සාර්ථක වැටලීම්/ ග්‍රහණයන් වලින් සමන්විත වේ.
මෙම වැටලීම්/ ග්‍රහණයන් වලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 9.5ක් ඉක්මවයි.
2023. 04. 07 වන දින සිට 2023. 04. 24 වන දින දක්වා සිංහල හා දෙමල අලුත් අවුරුදු උත්සව කාල සීමාව තුල දී මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිතව ග්‍රහණය කල වැරදි සංඛ්‍යාව 216 කි.
මෙම වැටලීම් අතරින් වැඩිම ප්‍රමාණයක් මහජනතාව විසින් සෘජුව සහ 1913 දුරකථන අංකය ඔස්සේ සුරාබදු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සුරාබදු මෙහෙයුම් මැදිරිය මගින් ලබාදෙන ලද පැමිණිලි හා තොරතුරු මත සිදුකොට ඇත.
ඒ ඒ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන්ගේ මෙහෙයවීම යටතේ සුරාබදු නිළධාරීන් නවසියයකට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි යොදවමින් මෙම වැටලීම් සිදුකොට ඇත.
. සුරාබදු අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ වලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව විසින් අප වෙත ලබා දෙන පැමිණිලි මහත් පිටුවහලක් වන අතර, ඒ සදහා 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ෆැක්ස් මගින් ද, [email protected] විද්‍යුත් තැපෑල මගින් ද එම පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.