හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි 16 හැවිරිදි ලාබාල යුවතියක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.එම්. සුමනවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එචි.ඩී.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් (22) පේදුරුතුඩුව පොලිස් වසමේ ගාන්දිඌර්, පුලෝලී, හම්බසිට්ටි ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 500 ක් සන්තකයේ තබාගෙන සිටි පුලෝලී, හම්බසිට්ටි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 වයසේ පසුවන යුවතියක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පුරාවස්තු කැණීම් කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු පුරාවස්තු සමඟ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ත් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත
විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන්. ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි ඩී.එම්.යූ.කේ. අබේරත්න මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය කුරුණෑගල පොලිස් පරීක්ෂක ඊ.පී.ඩී.එල්. ජයරත්න ඇතුළු නිලධාරීන් (22) වාරියපොල පොලිස් වසමේ නෙත්තානේවත්ත, හංහමුණ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැකකල හැකි ස්ථානයක් කැණීම් කරමින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි වැල්ලව, ගලේවෙල, ගල්කිරියාගම සහ පිලැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ත් 50 ත් වයසේ පසුවන පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාරියපොල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විවිධ බර ප්‍රමාණයේ මැණික් ගල් දෙකක්, ගල් පුන්කලසක්, අඩු මිටියක්, ගල් කටුවක්, නියන්ක්, රසායනික ද්‍රව්‍ය දමා තිබූ කෑන් එකක්, පූජා භාණ්ඩ එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.
යම්කිසි අපරාධයක් කිරීමේ බලාපොරොත්තුවෙන් 7.62×39 mm ජීව උණ්ඩ 05 ක්, යුධ හමුදා නිල ඇදුම් කට්ටලයක් හා කඩුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
.
විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක කේ.එස්.පී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) වීරකැටිය පොලිස් වසමේ කුඩා බැදිගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර යම්කිසි අපරාධයක් කිරීමේ බලාපොරොත්තුවෙන් 7.62×39 mm ජීව උණ්ඩ 05 ක්, යුධ හමුදා නිළ ඇදුම් කට්ටල 01 ක් හා කඩුවක් සන්තකයේ තබාගෙන සිටි විතාරණදෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මනුෂ්‍ය ඝාතන තුනකට සම්බන්ධ ලියන සමන් කුමාර මෙන්ඩිස් නොහොත් කළුපේ දුමින්ද ගිනි අවියක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.බි.එම්.ජේ.එස්. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) ගෝනපිනුවල පොලිස් වසමේ උඩහමුල්ල වත්ත, ගෝනපිනුවල ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර වයස අවුරුදු 38 ක් වන මනුෂ්‍ය ඝාතන තුනකට සම්බන්ධ ලියන සමන් කුමාර මෙන්ඩිස් නොහොත් කළුපේ දුමින්ද යන අය මෙරට නිෂ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි කටස් වර්ගයේ ගිනි අවියක් හා එම ගිනි අවිය සදහා යොදන බෝර 12 උණ්ඩ 02 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගෝනපිනුවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගේ පෙර වැරදි වනුයේ 2022.02.24 වන දින හික්කඩුව නාරිගම ප්‍රදේශයේ “මමිබොස්” විදේශිය සංචාරක අවන්හලට පහරදීම,2018.12.28 වන දින මීටියාගොඩ පොලිස් වසමේ දි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරිම,2018.06.22 වන දින හික්කඩුව පොලිස් වසමේ දි ඉනාෂි චමින්ද යන අයව වෙඩි තබා ඝාතනය කිරිම,2018.09.23 හික්කඩුව පොලිස් වසමේ දි ලලිත් ක්‍රිෂාන්ත යන අයට වෙඩි තබා ඝාතනය කිරිම,2018.10.21 සියඹලාණ්ඩුව පොලිස් වසමේ දි යුධ හමුදා නිලධාරියකු ලබා දුන් ටි56 ජිව උණ්ඩ 2,758 ක් සමඟ අත්අඩංගුවට ගැනිම.
විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකුට අයත් අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් ඒකකය පොලිස් පරික්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) ගම්පහ පොලිස් වසමේ හා සීදුව පොලිස් වසමේ දී වැටලීම් 02 ක් සිදුකර මහා පරිමාණයෙන් ජාවාරම් කිරීම සදහා කේරළ ගංජා කිලෝ 145 යි ග්‍රෑම් 298 ක්, සිලින්ඩරාකාර ප්ලාස්ටික් බටයක දමා සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 320 ක්, ජංගම දුරකථන 03 ක්, බැංකු කාඩ්පත් 02 ක්, ඩිජිටල් තරාදි 02 ක් හා මුදලින් රුපියල් 21,500.00 ක් සන්තකයේ තබාගෙන සිටි හංවැල්ල, උඩුගම්පොල හා කොටුගොඩ ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.
මෙම මත්ද්‍රව්‍ය වර්තමානයේ විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු වන කෝරලගමගේ මන්දිදු පත්මසිරි පෙරේරා සහ සිගන්කුට්ටි ආරච්චිගේ කුෂාන් අවිශ්ක විමලසිරි යන පුද්ගලයින් දෙදෙනාට අයත් මත්ද්‍රව්‍ය බවට තොරතුරු අණාවරණය කරගෙන ඇත.
හෙරොයින්, අයිස්, කේරළ ගංජා සහ ගංජා ගස් සමඟ පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ ගල්දූව උප කඳවුරේ යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (19) මීටියාගොඩ පොලිස් වසමේ අංක 165/I/1, කජුගස්දුව වත්ත, බටපොල පාර, මිටියාගොඩ ප්‍රදේශයේ දී සහ කිරලගහාවෙල, හතරේකනුව, අක්කර අට පාර, මීටියාගොඩ ප්‍රදේශයේ වැටලීම් සිදුකර ජාවාරම් කිරීම සදහා හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 40, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 870 ක්, කේරළ ගංජා ග්‍රැම් 18 ක්, ගංජා ගස් 02ක්, ජංගම දුරකථන 03 ක් මුදල් රුපියල් 5,000.00 ක් සන්තකයේ තබාගෙන සිටි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ත් 35 ත් වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
හෙරොයින්, අයිස්, කේරළ ගංජා සහ ගංජා ගස් සමඟ පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ ගල්දූව උප කඳවුරේ යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (19) මීටියාගොඩ පොලිස් වසමේ අංක 165/I/1, කජුගස්දුව වත්ත, බටපොල පාර, මිටියාගොඩ ප්‍රදේශයේ දී සහ කිරලගහාවෙල, හතරේකනුව, අක්කර අට පාර, මීටියාගොඩ ප්‍රදේශයේ වැටලීම් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 40, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 870 ක්, කේරළ ගංජා ග්‍රැම් 18 ක්, ගංජා ගස් 02ක්, ජංගම දුරකථන 03 ක් මුදල් රුපියල් 5,000.00 ක් සන්තකයේ තබාගෙන සිටි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ත් 35 ත් වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

