23.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsහෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවෝ දෙදනකු හා පුපුරණ ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවෝ දෙදනකු හා පුපුරණ ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

දිගු කලෙක පටන් යාපනය කෝපායි ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් තිදෙනෙකු හා තියුණු ආයුධයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩී.එම්.පී.අයි. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) කෝපායි පොලිස් වසමේ කෝපායි හංදියේ දී සහ කෝපිලා වත්තෛයි, අන්නමාරි කෝවිල අසල දී වැටලීම් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 08 මිලි ග්‍රෑම් 200 ක් සහ කඩු 02 ක්, ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි කෝපායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ත් 23 ත් අතර පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය හා තහනම් පිහියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී එන්.ඒ.පී.පී.කේ. කුලරත්න මහතාගේ මෙහෙයවීමෙන් රත්ගම කඳවුරේ උප පොලිස් පරික්ෂක පී.එච්.ජී. මධුසංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) ගාල්ල පොලිස් වසමේ අංක 521/A, උඩුවක, ගිංතොට ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී බලපත්‍ර නොමැතිව වෝටර්ජෙල් කිලෝ 01 යි ග්‍රෑම් 400 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 10 ක්, අගල් 9½ දිග සේවා නූල් 01 ක් හා තහනම් පිහියක් සන්තකයේ තබාගෙන සිටි ගිංතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල මුලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දිගු කලෙක පටන් හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කඩවත පොලිස් වසමේ අංක 270, රාගම පාර, පහළ කරගහමුණ, කඩවත ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී දීර්ග කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදුණු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 30, මිලි ග්‍රෑම් 730 ක් ඩිජිටල් තරාදියක් හා ජංගම දුරකථනයක් සමග ද, කඩවත, පහළ කරගහමුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63 ක කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 300 ක් හා ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments