පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය කීරි සම්බා සහල් මෙන්ම අනෙකුත් සහල් වර්ග වැඩි මිලට අලෙවි කරන හෝ තොග සගවා තබා ගන්නා ස්ථාන සොයා රට පුරා වැටලීම් තීව්‍ර කර ඇති අතර ඒ් අනුව කීරි සම්බා තොග සඟවා තබා ගත් සහ වැඩි මිලට විකුණු තොග වෙළෙඳසල් 4කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා තිබේ.
පාරිභෝගික අධිකාරියේ කොළඹ ඒකකයට ලැබුණු පැමිණිලි මත පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කරන වෙළෙඳසල් සහ තොග සඟවා තබාගෙන සිටින ස්ථාන සොයා ඉකුත් සති අන්තයේදී පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීම් වලදී වෙළෙඳසල් හතරකට නඩු පැවරුණු අතර එම වැටලීම් වලදී වැඩි මිලට අලෙවි කල තොග වෙළෙඳසල් 3කට සහ තොග සඟවා ගෙන සිටි එක් තොග වෙළෙඳසලක තිබු කීරි සම්බා සහල් මිටි 125ක පමණ ප්‍රමාණය තම භාරයට ගෙන නඩු පැවරීමට කටයුතු කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතාගේ උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ කොළඹ ඒකකය විසින් මෙම වැටලීම් සිදුකර තිබේ.