21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsටි 56 උණ්ඩවලින් වෙඩි තැබිය හැකි දේශීය තුවක්කුවක් සමග පුද්ගලයකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

ටි 56 උණ්ඩවලින් වෙඩි තැබිය හැකි දේශීය තුවක්කුවක් සමග පුද්ගලයකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

ඉතා සූක්ෂම ලෙස T56 උණ්ඩ භාවිතා කර වෙඩි තැබිය හැකි දේශිය නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රාධාන පොලිස් පරික්ෂක පී.එම්.එන්.කේ. උඩඅරඹ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.09.27 වන දින නව කුරුදුවත්ත පොලිස් වසමේ රාක්ෂාව කඩවීදිය, උඩහේන්තැන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී T56 උණ්ඩ භාවිතා කර වෙඩි තැබිය හැකි දේශිය නිෂ්පාදිත ගිනි අවියක් සහ T56 උණ්ඩයක් සන්තකයේ තබාගෙන සිටි රාක්ෂාව කඩවීදිය, උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නව කුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments