දකුණු කොරියාවේ E7 (welding) හෙවත් වෑද්දුම් අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රෙද්ශවල පුද්ගලයන්ගෙන් රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයකට (16,578,000.00) අධික මුදලක් වංචා කළ 44 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන්ට (8) හැකියාව ලැබුණි. මෙම කාන්තාවගේ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් කාර්යාංශයට පැමිණිලි පහළොවක් පමණ ලැබී තිබූ අතර රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ විස්ස දක්වා මුදල් ඒ අනුව එක් එක් පුද්ගලයාගෙන් වංචනිකව ගබාගෙන තිබෙන බව අදාල පුද්ගලයන් විසින් කාරයාංශයට පැමිණිලි කොට ඇත.
දකුණු කොරියාවේ E7 (welding) හෙවත් වෑද්දුම් අංශයේ රැකියාවලට පුද්ගලයන් බදවා ගැනිමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන කීපයකට පමණක් අවසර ලබා දී තිබේ.මීගමුව පාර, නාගොඩ, කදාන යන ලිපිනයේ පදිංචි මෙම කාන්තාව එවැනි අවසරයක් ලබා නොගෙන වංචනික ලෙස මෙලෙස මුදල් ලබාගෙන තිබෙන බව විමර්ශන නිලධාරින් විසින් කල මුලික පරීක්ෂණ වලදි හෙලි වි තිබේ. අනතුරුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සූක්‍ෂම අයුරින් දුරකථන මාර්ගයෙන් කාර්යාංශයට ගෙන්වාගත් මෙම කාන්තාවගෙන් ප්‍රශ්ණ කිරිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර (9) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දකුණු කොරියාවේ E7 (welding) හෙවත් වෑද්දුම් අංශයේ විදේශ රැකියා සඳහා යොමුවීමේදී හෝ මුදල් ගෙවීමට පෙර අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගත් ආයතනයක් බවට තහවුරු කර ගැනීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය වෙත පිවිස හෝ 1989 වෙත ඇමතුමක් ලබා දි තහවුරු කරගන්නා ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.