22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපුරා වස්තු ලබා ගැනීමේ අරමුණෙන් කැණිම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කර්...

පුරා වස්තු ලබා ගැනීමේ අරමුණෙන් කැණිම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කර් ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විමොණරාගල කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්.එම්.ටි. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) ඇතිමලේ පොලිස් වසමේ, 04 කණුව, සද්දාතිස්සගම, විලෝඔය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පුරාවිද්‍යා ස්ථානයක් යැයි සැකකල හැකි ස්ථානයක් JCB යන්ත්‍රයක් මගින් පුරා වස්තු ලබා ගැනීමේ අරමුණෙන් කැණිම් කරමින් සිටි මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 හා 29 පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙරට නිෂ්පාදිත අවි සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්.එන්. ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් දඹුල්ල කඳවුරේ පොලිස් පරික්ෂක එච්.එම්.ඩි.එන්. හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) මකුළුගස්වැව පොලිස් වසමේ ඉහලවැව, බඹරගස්වැව, ගලේවෙල ලිපිනයේ නිවස තුල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු දෙකක් සන්තකයේ තබාගෙන සිටි කොළඹගෙ ආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මකුළුගස්වැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments