මහපරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවටගෙන තිබේ.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සදහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනිම් සිදුකර ඇත.
අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය ii හි ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩි.එල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) මරදාන පොලිස් වසමේ සේරම් පාර ස්ථානයෙදි සහ නොරිස් කැනල් රෝඩි ස්ථානයන් හිදී වැටලීම් 02 ක් සිදුකර ඇත ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60, මිලි ග්‍රෑම් 580 ක් සහ මුදල් රුපියල් 95,840 ක් සන්තකයේ තබාගෙන සිටි මරදාන, කොළබ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40, මිලි ග්‍රෑම් 350ක්, යතුරු පැදියක් සමග ඩයස් පෙදෙස, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පේදුරු තුඩුවේ වල්ලිපුරම් කෝවිල අසලදී සගවා තිබු ලක්ෂ දාහතරකට ආසන්න වටිනාකමකින් යුත් කිලෝ ග්‍රෑම් 84කට අධික කේරළ ගංජා තොගයක් විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට පේදුරුතුඩුව යුධ හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව වි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක යු.එම්.එස්. දුෂාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යුධ හමුදා නිලධාරීන් හා නාවික හමුදා නිලධාරී කණ්ඩායමක් සමග ඒකාබද්ධ (08 ) පේදුරුතුඩුව පොලිස් වසමේ වල්ලිපුරම් කොවිල අසල තල් ගස් සහිත කැලැබද ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී වල්ලිපුරම් කොවිල අසල තල් ගස් සහිත කැලැබද ප්‍රදේශයේ වල දමා තිබූ ලක්ෂ දාහතරකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කි.ග්‍රෑ. 84.600 සහිත පැකැට් 40 ක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදී
දමන වැදියම් ගම ප්‍රදේශයේ වගා කරන ලද ගංජා හේන් 02 ක් විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොණරාගල කලාපය බාර සහකාර පොලිස් අධිකාරි අශෝක මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ වැඩ බලන කඳවුර අණදෙන නිලධාරි උප පොලිස් පරික්ෂක එච්.එන්.කේ.බී. ගයාශාන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07 ) දමන පොලිස් වසමේ වැදියම් ගම ප්‍රදේශයේ දී වැටලීම් 02 ක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස අක්කර 02 ½ ක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා ගස් 35,000 කින් පමණ යුත් ගංජා හේන් 02 ක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා සාම්පල් ලෙස ගංජා ගස් 20 ක් දමන පොලිස් ස්ථානය වෙත භාරදී ඉතිරි ගංජා ගස් සියල්ල එම ස්ථානයේදීම ගිණි තබා විනාශ කර ඇත.