26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ...

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 11 පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී .

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 11 පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී . මෙම පාර්සල් ජර්මනිය, එංගලන්තය සිට කොළඹ, නුගේගොඩ, පානදුර, අනුරාධපුර හා නුවර යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා ලදී . විවෘත කරන ලද පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 1055 ක් හා kush නැමැති ගංජා විශේෂය 318 g සොයා ගන්නා ලදී.තවද ගංජා ඇට පහළොවක්ද අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 13 කට ආසන්න බව තහවුරු කරන ලදී. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ලැබී තිබුණි. පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය .

2023 වර්ෂය තුළදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් 81 ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති අතර එහිදී කොකේන්, හෙරොයින් , ectasy නැමැති මත්පෙති, හෂිෂ kush නැමැති ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය 119 kg අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මෙම අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන දෙකාමාරකට ආසන්න වෙයි. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් මෑත වසර වලදී අත්අඩංගුවට ගන්නා ලද වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙය බව පැවසේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments