අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජීවන වියදම වැඩි වී ඇතැයි ඇමැතිවරුන් ඇමැති මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
ඇමැති මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (7 වැනිදා) පස්වරුවේ පැවැත්විණි. එහිදී ඇමැති වාසුදේව නානායක්කාර පෙන්වා දී ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීමෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට ලක්ව ඇති බවයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් ඵලක් නොවන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මෙහිදී පෙන්වා දී ඇත. එම නිසා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව සෑම මාසයකම පළමු සඳුදා රැස්වීමට මෙහිදී තීරණය කරන ලදී. මෙතෙක් කල් ජීවන වියදම් කමිටුව රැස්වූයේ සෑම මසකම දෙවැනි සතියේය.