25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsදිගු කලෙක පටන් නීති විරෝධී දුමිවැටි අලෙවි කරමින් සිටි අයකු හා මත්කුඩු...

දිගු කලෙක පටන් නීති විරෝධී දුමිවැටි අලෙවි කරමින් සිටි අයකු හා මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදනකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

දිගු කලෙක පටන් නීති විරෝධී දුමිවැටි අලෙවි කරමින් සිටි පුද්ගලයකු මීගමුව ප්‍රදේශයේ අවන්හලක දී විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් සිදුකර ඇත.

ඒ අනුව එම විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විබස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එස්. විමලවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16 ) මීගමුව පොලිස් වසමේ අංක 366, හලාවත පාර, පෙරියමුල්ල, මීගමුව ලිපිනයේ ඇති අවන්හල තුල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී විදේශීය නිෂ්පාදිත නීති විරෝධී දුමිවැටි අලෙවි කරමින් සිටි සිලාවතුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 ක් වන පුද්ගලයකු මෙන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 3,200 ක් බිස්නස් රෝයල් වර්ගයේ දුම්වැටි 600 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍
හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු යාපනයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් උතුරු යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එචි.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) යාපනය පොලිස් වසමේ සින්න කඩේ මාළු වෙළදසැළ ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑමි 02, මිලි ග්‍රෑමි 150 ක් හා හෙරොයින් ග්‍රෑමි 01, මිලි ග්‍රෑමි 200 සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදී සිටි යාපනය, ගුරුනගර් පදිංචි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments