25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මේ වසරේ මුල් මාස හතරට විදේශ රැකියා පැමිණිලි 1371ක් , වංචනික ආයතන...

මේ වසරේ මුල් මාස හතරට විදේශ රැකියා පැමිණිලි 1371ක් , වංචනික ආයතන අටක් වටලා සැකපිට 37ක් අත්අඩංගුවට.

024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබේ. 

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීම, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමුකිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත ලැබී ඇත.

මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මෙම කාල සීමාව තුළදී ලබාදී ඇති අතර, පැමිණිලිකරුවන්ට රු.53,509,520.00ක මුදලක් යළි අයකරදීමටද විමර්ශන නිළධාරීන් සමත්වී තිබේ. තවත් පැමිණිලි 680ට අධික ප්‍රමාණයක් සඳහා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද කාර්යාංශය පියවර ගෙන තිබේ.

මෙම කාලය තුළ විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇණවුමක් ලබානොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකළ ආයතන 8ක් ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් වැටලීම් කරන ලදී. 

ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල පවතින අතර, ඒ හා සමගාමීව විදේශ රැකියා වංචාවන්ද ඉහළ ගොස් තිබේ. එහෙයින් විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් විදේශ රැකියා ජාවාරම් සම්බන්ධ වැටලීම් පුළුල් කර ඇති අතර, ජනතාවගේ පහසුව සඳහා විමර්ශන අංශයේ රාජකාරි විමධ්‍යගත කිරීමටද පියවර ගන්නා ලදී. කාර්යාංශයේ බදුල්ල, තංගල්ල, මහනුවර, කුරුණෑගල හා රත්නපුර යන විගමණික සම්පත් මධ්‍යස්ථාන මගින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි විභාග කරනු ලබන අතර, සියළුම ප්‍රාදේශීය කාර්යාල මගින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි භාරගනු ලබයි.

එසේම කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීම මගින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි සිදුකළ හැකි අතර, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112864118 ඇමතීම මගින් නීතිවිරෝධි විදේශ රැකියා ආයතන හා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments