ලෝකයේ මේ වන විට දරුනු යුධ ගැටුම් ඇති වෙලා තියනවා. සමහර රටවල් සහ ප්‍රදේශ තාවකාලික ස්ටන් විරාම වලට ගිවිසුම් ගත උනත් ඒ වගෙ දැඩි අවිනිශ්චිතතාවක් තියනවා කොයි මොහොතේ සටන් නැවත පටන් ගනීද කියලා. ඇත්තටම මේවගෙන් අසරණ වෙන මිනිසුන් වෙනුවෙන් සාමකාමි කාල වල එක එක පුද්ගලයින් කතා කලත්, එක එක සoවිධානය කතා කලත් මේ මොහොතේ දැනෙන කවුරුත් ඒ මිනිසුන් වෙනුවෙන් පෙනී හිටින්නේ නෑ. ” ලෝක යුධ විරෝධී සන්ධානය බිහිවෙන්නෙ එවන් වටපිටාවක යැයි මධ්‍ය දැනුවත් කිරීමේ හමුව ආරම්භ කරමින් පාර්ලිමේන්තු මoත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවා.
අපි විශේෂයෙන් ගාසා තීරයේ ඊශ්‍රායලයෙන් බැට කන පලස්තීනුවන් වෙනුවෙන් පෙනී හිටින්න පෙලබුනේ විශාල වශයෙන් ඔවුන්ගේ මානව හිමිකම් කඩ වෙනවා. බඩු භාන්ඩ විනාශ කරනවා වගේ අහිංසක මිනිස්සු මරලා දානවා. දෙවැනි ලෝක යුද්ධ කාලෙවත් තිබුනෙ නැති මහ මිලේච්ච ක්‍රම ඔවුන් අනුගමනය කරනවා. අද අහවල් තැනට ගනවා කියලා රෝහල්, නිවාස සoකීර්න මුළුමනින්ම විනාශ කරනවා. ඒ මිනිස්සු කොහේ යන්නද. මානවවාදී මිනිස්සු විදිහට කරබාගෙන ඉන්නෙ නැතුව පුළුවන් හැමෝම එක්ක අපි එලියට බහින්න හිතුවෙ ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් යැයිද ඔහු සදහන් කලා.
ඇමරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ එoගලන්තය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මoඩලය ගෙන එන යෝයෝජනා ව්ටි න් විට කල් දැම්මත් අවසානයේ ඔවුන්ට සිදුවුණා සටන් විරාමයකට යන්න. විශේෂයෙන් සදහන් කරන්න ඕනෙ ඒ රටවල ඉගෙන ගන්න විශ්වවිද්‍යාල වල සිසුන් හාවඩ්, යේල්, ජෝජ් වොෂින්ටන් වගේ, ඔවුන්ට බලපෑමක් නැතත් මහ විශාල රැල්ලක් වගේ ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙල ගැසෙමින් ඉන්නවා වගේම ලෝක බලවතුන්ට දැඩි බලපෑමක් එල්ල කරන්න සමත් වෙලා තියනවා. ඔක්ෆර්ඩ්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල වසා දැමීමේ තැනට තල්ලු වෙලා. සිසුන් 2400 කට වඩා අත් අඩoගුවට අරන්. ඒවගේම ඊශ්‍රායලය නෙතනියානෝ ජනාධිපති වරයට වහාම යුද්ධය නවත්තන්න කියලත් ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කරනවා යැයිද සදහන් කලා.
ශ්‍රී ලංකාව තුලත් තැනින් තැන පෙලපාලි උද්ඝෝෂණ සoවිධානය උනත් ඒවා එච්චරම සාර්ථක නෑ. අපිට ඕනෙ දැවැන්ත උද්ඝෝෂණයක් සoවිධානය කරන්න ” ලෝක යුධ විරෝධී සන්ධානය ” යටතේ. පාට, පක්ෂ, ජාති ආගම් පැත්තකින් තියලා හැමෝටම පුළුවන් මේ මානවවදී කාර්යට කර ගහන්න. මේ මස 17 වෙනි සිකුරාදා විහාරමහා දේවී උද්‍යානයේ සමාධි පිලිමය අසලින් පටන් අරන් ඇමරිකානු තානාපති කාර්යාලට අපි සoදේශයක් බාර දෙනවා මේ පිලිකුල් සහගත යුද්ධය නවත්තන ලෙසට බල කරලා. දැනට දාහකට වඩා අපිත් එක්ක මේ කාර්ය්යට දායක වෙන්න පෙල ගැහිලා ඉන්නවා අපිත් එක්ක ඔබත් එන්නයැයි ඔහු අවසන් වරට සදහන් කලා.
සර්ව ආගමික පූජකවරු, පාර්ලිමේන්තු මoත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු පාර්ලිමේන්තු මoත්‍රී රවී කරුණානායක, සිවිල් ක්‍රියාකාරීන්, බහුජන සoවිධාන ක්‍රියාකාරීන්, දේශපාලන සoවිධාන ක්‍රියාකාරීන් හා ලෝක යුධ විරෝධී සන්ධානයේ පිරිසක් පමණක් පුවත්පත් සාකච්ඡාව සදහා සහභාගී විය.