කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) දිනය තුළත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 445 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන්ගෙන් 175 දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වන බවය.
ඊට අමතරව දෙමටගොඩ ප්‍රදේශයෙන් 49 දෙනෙකු, කොම්පඤ්ඤවීදය ප්‍රදේශයෙන් 36 දෙනෙකු, මරදාන ප්‍රදේශයෙන් 35 දෙනෙකු සහ වැල්ලවත්ත ප්‍රදේශයෙන් 32ක් හඳුනාගෙන තිබේ.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 762 දෙනා අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 175 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 36ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 27ක්, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් 19 දෙනා බැගින්ද වාර්තා වී ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර, අම්පාරෙන් 17 ක්, පුත්තලමෙන් 10ක්, යාපනය, අනුරාධපුර හා රත්නපුර දිස්ත්‍රික්කවලින් 09 දෙනෙකු බැගින්, නුවරඑළියෙන් 08ක්, මාතලෙන් 5ක්, බදුල්ලෙන් 4ක්, කෑගල්ල, වවුනියාව, මොනරාගල, හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් අතරින් මහර බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිතයින් 75 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයෙන් 14 දෙනෙකු හඳුනාගෙන තිබේ.