23.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්පෑලියගොඩ එළවළු වෙළඳපොළේ අර්බුදය අවසන්

පෑලියගොඩ එළවළු වෙළඳපොළේ අර්බුදය අවසන්

පෑලියගොඩ එළවළු වෙළඳපොළේ කඩකාමර ලබාදීම අර්බුදය ඊයේ(11) පැවැති සාකච්ඡාවකදී නිරාකරණය වූබවත් ඒ අනුව 2011 ජූනි මස 01 පැවැති කඩකාමර ලැයිස්තුවට මෙම කඩලබාදීමට තීරණය වූ බව සිමාසහිත ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං පොදු වෙළෙඳපොළ සංවිධානයේ ජාතික සංවිධායක එච්.එම්.උපසේන මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසුමකදී වැඩිදුරටත් අදහස් දැක්වු ජාතික සංවිධායක වරයා මෙසේද කීය……පිටකොටුවේ මැනිං වෙළඳපොළේ තොග වෙළඳුන්ට අද ලැබුණු විසඳුමත් සමග ලොකු කඩකාමර ලැබෙන අතර අනෙක් අයට ඒ ඒ ප්‍රමාණ අනුව කඩකාමර ලැබෙනවා. මුලින්ම පෑලියගොඩ මෙම වෙළඳ සංකීර්ණය ඉදිකරද්දි තීරණය වී තිබි ඇත්තේ 2011-ජූනි මස-01 ලැයිස්තුවට කඩකාමර ලබාදීමටයි. මෙම ලැයිස්තුව ලැබීමෙන් පසුව තිබු අර්බුදය නිමාවට පත්වුණා. මෙම ලැයිස්තුව අනුව නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරියේදි කටයුතු කිරීමට තීරණය කළා.

මෙම ලැයිස්තුව නොමැතිවීම නිසා නාගරික සංවර්ධන අධිකාරිය යම් අපහසුතාවයකට පත්වි තිබු අතර මෙම ලේඛනය ලැබීමෙන් පසු තොග වෙළඳුන්ට ලොකු කඩකාමර ලැබිමේ ගැටලුව විසඳුණා.

මේ අනුව කොටුව දුම්රියපොළ ඉදිරිපිට පිටකොටුව මැනිං වෙළඳපොළේ වෙළඳුන් ආරම්භ කළ උපාවසයද නතර කෙරිණි. අද මෙම ගැටලු විසදුනේ නැත්නම් අපිත් උපවාසයට එක්වෙන්නයි සිටියේ.

මේ සඳහා වෙහෙස මහන්සිවු අයට අපේ ස්තූතියද පළ කිරීමට කැමැතියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments