25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රුපියල් මිලියන හතරකට ආසන්න දුම්වැටි හා මිලියන තුනක් වටිනා දුරකතන රේගු...

රුපියල් මිලියන හතරකට ආසන්න දුම්වැටි හා මිලියන තුනක් වටිනා දුරකතන රේගු දැලේ..

ශී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් (01) කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය තුළ සිදු කරන ලද විශේෂ ආවේක්ෂණ රාජකාරියකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 226 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණි සැක සැකකටයුතු මගින් තිදෙනෙකු පැමිණීමේ පර්යන්තයේ හරිත මාර්ගයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී එම ගමන් මලු තුළ සඟවා තිබූ රුපියල් මිලියන 4 ආසන්න වටිනාකමකින් යුත් විදේශීය දුම් වැටී 40000 හා නීති විරෝධීව මෙරටට ආනයනය කිරීමට උත්සාහ කළ රුපියල් මිලියන 3 වටිනාකමකින් යුත් දුරකථන 77ක් අත්අඩංගුවට ගැනීමට හැකිවිණි.

විදේශීය දුම්වැටි රැගෙනා කාන්තාව රේගුව නොමග යැවීම සඳහා කුඩා දරුවෙකුද රැගෙන පැමිණීමේ පර්යන්තයෙන් පිටුවීමට උත්සාහ කරන ලදී.

අත්අඩංගුවට ගන්නා ලද මගින් වයස අවුරුදු විසිතුනක්, විසි හතක් හා හැටක පමණ වේ.

මේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments