හිටපු යුධ හමුදා සෙබලා ගංජා වගාවක් සහ යුධ හමුදා නිල ඇදුම් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් වැටලීම් සිදුකර ඇත.
කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ පොලිස් පරික්ෂක එච්.එම්.ඩි.එන්. හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මකුළුගස්වැව පොලිස් වසමේ බුලනවැව, දේවහුව, ලිපිනයේ දී මෙම වැටලීම් සිදුකර ඇත.
එහි දී අගල් 06 ක් පමණ උස ගංජා වගාවක් පවත්වාගෙන ගිය යුධ හමුදා 06 වන විජයබා පාබල රෙජිමේන්තුව රාජකාරි කර සේවයෙන් පලාගිය දේවහුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මකුළුගස්වැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද වැඩිදුර පරික්ෂා කිරීමේදී මෙම නිවස තුල තිබී යුධ හමුදා නිල ඇදුම් කොටස් හමුවී ඇති අතර ඒවාද මකුළුගස්වැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සංවිධානාත්මක අපරාධ කරුවෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ මාලු හෙවත් කුමාර යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය i හි පොලිස් සැරයන් 13072 සාලිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17 ) කෙසෙල්වත්ත පොලිස් වසමේ HG1/සාන්චිආරච්චි වත්ත, කොළඹ 12 ලිපිනයේ දී අත්අඩංගුවට ගැනීම් දෙකක් සිදුකර ඇත.
එහි දී සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ මාලු හෙවත් කුමාර යන අයගේ ප්‍රධානතම ගෝලයකු වන කොළඹ 12, සාන්චිආරච්චි වත්ත හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 500 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෙසෙල්වත්ත හා හංවැල්ල පොලිස් ස්ථානයන් වෙත භාර දී ඇත.